තමන් ප්‍රතිකාර කරමින් සිටි රෝගියා මිය යාමෙන් ශෝකයට පත්වූ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ ප්‍රෙස්බිටීරියන් රෝහලේ වෛද්‍යවරයෙකු රෝගියාගේ පවුලේ අය අමතමින් ලියා තැබූ ඇඳ ඉහපත සටහනක් අන්තර්ජාලය පුරා මේ දිනවල ප්‍රචලිතව ඇත. ඒ සටහන මෙසේය,
‘මහත්මයාණනි,
ඔබගේ බිරිය හදිසි අනතුරකට පත්ව රෝහල් ගත කළ වේලාවේ ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරයා මමයි.ප්‍රතිකාර ලබා දුන්නත් ඇය මියගිය බව මට දැනගන්න ලැබුණා.මේ ලිපියෙන් මා අදහස් කරන්නේ ඇයගේ මරණය වෙනුවෙන් මගේ ශෝකයත් ප්‍රකාශ කිරීමටයි.මා වසර 20 ක් පුරා මේ රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරනවා.මා කිසිදාක මියගිය රෝගියෙකුගේ ඥාතීන් හිතමිතුරන් අමතා ලිපියක් ලියා නැහැ.මොකද හදිසි අනතුරු අංශයේ සේවය කරන වෛද්‍යවරුන් හැටියට අපට රෝගීන් බොහෝ දෙනෙක් ගැන සැළැකිල්ල යොමු කරන්න වන නිසා.
ඒත් මට ඔබගේ බිරිද එක්ක අමුතුම ආකාරයේ බැදීමක් ඇතිවුණා.ඒ හුස්ම ගැනීමට පවා නොහැකිව පීඩා විදිමින් බරපතළ තත්ත්වයක ඉදලත් ඇය සතුටින් සිනාමුසුව සිටි නිසා.තවත් දෙයක්,මට පුදුම හිතුනා ඔබ ඇය කෙරේ දක්වන සැළැකිල්ල දුටුවිට.ඇයට ශක්තියක් වෙමින් ඇය හා සතුටින් කතා කරමින් සිටියා.
ඔබ නිසාම ඇයට දුක් වෙන්න කාරණයක් තිබුණේ නැති තරම්ම වගේ.වෛද්‍යවරයකු හැටියට මා දන්නවා සහකරුවාගෙන් හෝ පවුලේ සාමාජිකයෙකුගෙන් තමන් ලබන ආදරය හා සැළැකිල්ල තරම් මනස සුවපත් කරන තවත් දෙයක් නැති බව.විශේෂයෙන් අදාළ ඔහු රෝගීවූ අවස්ථාවකදී.
මට කනගාටුයි.මේ සියල්ල දරා ගැනීමට ඔබට ශක්තිය ලැබේවායි කියා මා ප්‍රාර්ථනා කරනවා.‘
ලිපිය අන්තර්ජාලයට එක් කළ මියගිය කාන්තාවගේ පුත්‍රයා අතැම් අවස්ථාවන්හි හිත් පිත් නැත්තන් සේ හැසිරුණද වෛද්‍යවරුන් යනු මිනිසුන්ම වන බව තමන්ට මේ හා සමාන අත්දැකීම් වලට මුහුණ දුන් පුද්ගලයින්ගෙන් ලත් ප්‍රතිචාර වලින් තේරුම් ගිය බව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නම් මුදල් ගෙවනතුරු මහත්තයව ඇපයට තියාගන්නවා.(නදී)
"ඒත් මට ඔබගේ බිරිද එක්ක අමුතුම ආකාරයේ බැදීමක් ඇතිවුණා." ලංකාවේ ඇද ඉහපතක එහෙම මෙහෙම සටහනක් ලියලා තිබ්බනම්, පහුවදාට දොස්තරගේ ඇඳ ඉහපතෙත් ශෝකප්‍රකාශයක් ලියන්න තිබ්බා. (නදී)
මාතර ඉස්පිරිතාලේ නෙමෙයි නේ.(නදී)
මිනිසුන් අතර උසස් මිනිසෙක්. (නි)
පේනවද පන්ති බේද නැති දොස්තරලා.(නදී)
පේනවද? නිලධාරී වාදේ නැති දොස්තරලා රෝගීන්ට සලකන හැටි.(නදී)
හරිම සංවේදීයි. වෛද්‍යවරු කියන්නේත් හිත් පිත් ඇති මිනිසුන් බව ඔප්පු වෙනවා.. (ස)
අපේ රජයේ රෝහලක කෙනෙක්ද මේ.....???? (ස)
අපේ දොස්තර මහත්වරුන්ටත් ඔය ලිපිය පෙන්වන්න . (ස)
ග්ලාස්ගොව් විශ්ව විද්‍යාලය විසින් සිදු කරන ලද අධ්‍යනයකින් අනුව ලංකාවේ වෛද්‍ය පීඨ වලින් එලියට යවන වෛද්‍යවරු තුල ආචාර ධර්ම , ආකල්ප සහ රෝගියා සම්බන්දයෙන් වගකිමත්වය ඉතාම පහල බව හෙළි වී තිබෙනවා. එසේම ලංකාවේ වෛද්‍ය පීඨ වල අධ්‍යාපනික ගුණාත්මකභාවය සීග්‍රයෙන් පහත වැටී තිබේ. , ඇමරිකානු , කැරිබියානු, යුරෝපිය , වෛද්‍ය පීඨ ලෝකයේ ඉහලින් සිටින අතර ලංකාවේ වෛද්‍ය පීඨ නේපාලයේ වෛද්‍ය පීඨ සහ අප්‍රිකාවේ වෛද්‍ය පීඨ වලට ඉතාම පසුපසින් සිටියි. උදාහරණයක් ලෙස නයිජීරියාව , උගන්ඩාව , බුරුන්ඩි වැනි අප්‍රිකානු රටවලවෛද්‍ය පීඨ ලංකාවේ වෛද්‍ය පීඨ වලටත් වඩා දර්ශක වලින් ඉදිරියෙන් සිටියි. මේ නිසා දැන්වත් ලංකාවේ වෛද්‍යවරු බොරු මහන්තත්ව නැතිව පොලවේ පය ගැසිය යුතුයි.(නදී)
අවුරුදු 20 ක් එකම තැන සේවය කළ දොස්තර මහතාගේ නම ගිනස් පොතේ රන් අකුරින් ලියවෙන්න ඕනා. එතුමාගේ කාරුණිකභාවය හා වදන් පෙළ කියවන විට ඇසෙන් කදුලු වැටෙනවා. (නදී)