දේශගුණික විපර්යාසවලට එරෙහිව විරෝධතාවයේ යෙදුණු 135 දෙනෙකු ලන්ඩන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
බදු ගෙවීම් පැහැරහරිමින් සාමකාමීව වර්ජනයේ යෙදීමට සැලසුම් කර තිබුණත් ඇතැම් අය සිදුකළ කලහකාරී ක්‍රියා හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වීමට සිදුවූ බවද ඔවුහු පවසති.
විශාල පිරිසක් විරෝධතාවයට සහභාගී වීම හේතුවෙන් වෙස්මිනිස්ටර්හි කාර්යබහුල වීදි අවහිර වී තිබූ බව පොලිසිය පවසයි.
සති දෙකක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතා සඳහා 10,000ක පමණ පිරිසක් ලන්ඩන් නුවරට පැමිණෙනු ඇතැයි සංවිධායකයෝ බලාපොරොත්තුව සිටිති. ලොව පුරා රටවල් ගණනාවක් දේශගුණික විපර්යාසයන්ට එරෙහිව පවත්වන මෙම විරෝධතාවයන්ට සහාය දක්වයි.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව රජය අනුගමනය කරන මන්දගාමී පිළිවෙත හේතුවෙන් මෙලෙස විරෝධය පළ කරන බව විරෝධතාකරුවෝ පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd