බර්කිනා ෆෙසෝ රාජ්‍යයේ දේවස්ථානයකදී තුවක්කුරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෝ 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දේවමෙහෙයක් අතරතුර මෙම වෙඩිතැබීම සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පූජකවරයෙකු ද මෙම මියගිය පිරිස අතර වෙයි.
ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නොමැති බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.
තවත් පුද්ගලයින් 18 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පැහැරගැනීමට ලක්ව සිටිති.
පසුගිය ඔක්තෝබර් මාසයේ බර්කිනා ෆෙසෝ රාජ්‍යයේ මුස්ලිම් දේවස්ථානයකට තුවක්කුකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෝ 15 දෙනෙක් මරණයට පත්වූහ.
226
(රොයිටර් ඇසුරෙනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd