මීට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ විශාල පරිමාණයේ වෙළද ආයතනයක රැකියාවකට පැමිණ රෝගී තත්වයකින් අසාධ්‍යව රෝහල් ගතකිරීමෙන් අනතුරුව මියගිය ශ්‍රී ලාංකික තරුණයෙකු වෙනුවෙන් වෙළද ආයතනය විසින් පසුගියදා සෞදි රියාල් 50.000 ක් චෙක්පත ශ්‍රී ලංකා තානාපති මොහොමඩ් හුසේන්  මහතාට බාර දුන්නේය.

මෙලෙස මරණයට පත්වුයේ අලුත්ගම දර්ගා නගරයේ පදිංචිව සිට මිට වසර තුනකට පෙර සෞදි අරාබියේ රියාද් නගරයේ නෙස්ටෝ සුපිරි වෙළද සංකීර්ණයේ රැකියාවක් සදහා පැමිණි මොහොමඩ් අර්ශාඩ් නමැති (31) හැවිරිදි එක් දරු පියෙකි .

මෙම තරුණයා මෙහි පැමිණ ඇත්තේ තම එකම දියණිය වෙනුවෙන් නිවසක් තනාදීම සදහා බවත් මොහොමඩ් අර්ෂාඩ් නම් මෙම තරුණයා හට මිට ටික  කලක සිට බරපතල රෝගයකට ලක්ව රියාද් වෙසෙන ශ්‍රී ලාංකික සමාජ සේවයකු වන අබ්දුල් කාදර් මහතාගේ සම්බධිකරණය  සහ සහයෝගය මත රියාද් මුබාරක් රෝහල වෙතත් අනතුරුව ඔබෙයිදා රෝහල වෙතත් වැඩි දුර ප්‍රතිකාර සදහා රියාද් ජාතික රෝහල වෙතත් මාරු අර යවා ඇති නමුත් එහිදී මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටින විටය.

තරුණයාගේ මරණය පිලිබදව කරුණු සොයා බැලූ නෙස්ටෝ සුපිරි වෙළද සංකීර්ණයේ ව්‍යපාර සංවර්ධන අධ්‍යක්‍ෂ ඉන්දීය කේරල ජාතික  අබ්දුල් නාසර් මහතා සහ එහි එහි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ තීරණයකට  අනුව මියගිය අර්ෂාඩ් මහතාගේ එකම  දියණිය සදහාවූ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට ඔහුගේ බිරිද වන ෆාතිමා අනිසා වෙත රියාල් 50.000 (රුපියල් 17.50.000) පරික්ෂණ කළේය.

නෙස්ටෝ හිමිකරු මොහොමඩ් නිලොෆර්,සහ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු වන පානදුර ඇතුල්ගම අබ්දුල් කාදර් මහතාද මෙහි වෙති.

ARSHAAD2 ARSHAAD3(1)