මව හා පියා දරුවෙකු වෙනුවෙන් කෙතරම් කැප කිරීමක් කරන්නේදැයි පෙන්වන ඡායාරූප සමූහයක් මේ දිනවල අන්තර්ජාලයේ ප්රචලිතය.
උතුරු ඉන්දියාවේ අතිශය දුෂ්කර ප්රදේශයක් වන ලඩාක්හි දරු පවුලක් තම අලූත උපන් බිළිදා නගරයේ සිට යළිත් ගම කරා ගෙන එන අයුරු මෙම ඡායාරූපයන්ගේ දැක්වේ.
මෙම ඡායාරූපයන් ගෙන තිඛෙන්නේ අයිස්ලන්ත ජාතික ඡායාරූප ශිල්පියෙකු වන ටොම් වොල්මර්ය.
‘අපි මිතුරන් කිහිප දෙනෙකු උතුරු ඉන්දියාවේ කදු පන්ති තරණය කිරීමේ යෙදිලා හිටියේ.උතුරු ඉන්දියාවේ මේ දවස් වල පවතින්නේ අධික ශීත කාලගුණයක්.අපි කොහොම කොහොම හරි අඩි 11000 ක් විතර උසකට නැග්ගා.එතකොට තමයි අපට මේ පවුල හමුවුණේ‘
පවුලේ කුඩා දරුවෙකු,අලූත උපන් බිළිදෙකු මව හා පියා සිට ඇත.ඔවුන් හා කතාබස් කිරීමේදී ටොම් අනාවරණය කර තිඛෙන්නේ ඔවුන් කදු පන්තියට ඔබ්ඛෙන් පිහිටි ලින්ග්ෂෙඩ් නම් නගරයේ රෝහලේ සිට පැමිණෙන්නන් බවයි.
‘ඒ අම්මා දරුවාට උපත ලබා දිීලා තිඛෙන්නේ මෑතකදී. දරුවා ඔතාගෙන රැගෙන යන හැටි දැක්කාම අපිට පුදුම හිතුනා.හිම මිදෙන ශීතලේ අත දරුවෙක් ආරක්ෂා කරගෙන යන්නේ කොහොමද කියලා. අනෙක් දෙය මේ කාන්තාව දරු ප්රසූතිය සදහාත් රෝහල කරා ගොස් තිබෙන්නේ පයින්මයි. හිතල බලන්න ගරභණී කාන්තාවකට ශීතලේ කදු තරණය කරගෙන එන්න පුළුවන් වෙයිද කියලා‘ ටොම් කියයි.
ඇයට නොමද සහයක් ඇයගේ සැමියාගෙන් ලැඛෙන්නේ යැයි පෙනුනු බව ටොම් පවසයි.
‘දෙමව්පියන්ගේ ආදරය හරිම පුදුම දෙයක් කියලා මේ යුවළ දැක්කම මට හිතුනා.අපේ රටවල් වල අතට පයට ඔක්කොම දේවල් තියෙද්දී මැසිවිලි නඟන පුද්ගලයින් සිටින්නේ.ඒත් මේ මිනිස්සු,ඔවුන්ට සුඛෝපභෝගී යැයි කිසිම දෙයක් නැති තරම්.නමුත් ඔවුන් එය තම තමන්ගේ වැඩ හා වගකීම් වලට බාධාවක් කරගෙන නැහැ.ඔවුන්ගෙන් දියුණුයැයි සැළකෙන අපට ඉගෙන ගත හැකි දේවල් ගොඩක් ඇත්තටම තිඛෙනවා‘ ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ......පින්තුර (දී)
සැතපුම් 45 = කිලෝ මීටර් 72 ක්. අධි සහිත කඳුකරයේ තට්ට තනිවම කි.මි. 72 ක් රෝහලට හා ආපසු නිවසට පයින් දිනකට පැය 8 ක් ගමනේ දින 9 ක් තිස්සේ . . (අ)
දැන් අපි මේ ඡායාරූපය හිතෙන් මවා ගන්න ඕනේ ද ? (නදී)
අපටත බලන්න පින්තුර පලකරන. (අ)
කෝ පින්තූර? (නදී)
කෝ පින්තුර ටික. (නදී)
මව්පිය සෙනෙහසට ආර්ථිකය වත්කම් බාධාවක් නෙවෙයි (අ)