එකේ සිට දහය දක්වා ගනින්නට අපොහොසත් වී යැයි තම දස හැවිරිදි ඥාති පුත්‍රයාට පහරදී මරා දැමුවේයැයි කියන නැන්දණියක හා ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට මෙක්සිකෝවේ එකටෙපෙක් නගරයේ පොලිසිය කටයුතු කර තිබේ.
මිය ගිය හැවිරිදි රාවුල් ඇන්ටෝනියෝ ඔහුගේ දෙමව්පියන් විසින් අතහැර දමනු ලැබීමෙන් පසුව හැදීවැඞී ඇත්තේ සිය නැන්දණිය භාරයේ බව සදහන්ය.
සිය ඥාති පුතනුවන් අතුරුදන්ව ඇතැයි නැන්දණීය කළ පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කළද පොලිසියට මෙම නැන්දණිය හා ඇයගේ සැමියා ගැන සැකමතු වීමට පටන්ගෙන ඇත්තේ ඔවුන්ගේ ප්‍රකාශ පරස්පර විරෝධී වීම නිසාය.ඒ අනුව මෙම දෙදෙනාගෙන් දැඩිව ප්‍රශ්න කර ඇති පොලිසිය අවසානයේ සත්‍ය හෙළි කර ගැනීමට සමත්ව ඇත.
නැන්දනිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇති ආකාරයට රාවුල් දහයට ගනින්නට අපොහොසත්වීම නිසා ඇය සහ ඇයගේ සැමියා ඔහුට පහර දී තිබේ.පහර දෙමින් සිටිනාතුර රවුල් සිහිසුන්වූ බවත් සොයාබැලූ විට ඔහු මිය ගොස් සිටි බවත් ඇය කියා තිබේ.
අනතුරුව තම සැමියා හා එක්ව මහරැයේ රාවුල්ගේ සිරුර නිවසින් පිටතට ගෙන ගොස් අසල්වැසි චපුල්ටෙපෙක් නගරයේ කසළ ගොඩකට දමා පැමිණි බවත් ඇය පවසා ඇත.
තමන් රාවුල්හට පහරදුන්නේ වෛරයෙන් නොව ඔහුව ඉගෙනීමට නැඹුරු කිරීමේ අරමුණින් බව නැන්දණිය ප්‍රශ්න කිරීම් වලදී සදහන් කර තිබේ.
නැන්දනියගෙන් ලද තොරතුරු ඇසුරෙන් රාවුල්ගේ සිරුර සොයාගැනීමට පොලිසිය සමත් විය.
නැන්දනිය හා ඇයගේ සැමියා මේ වන විට රිමාන්ඩ් කර තිබෙන අතර ඔවුන්ට එරෙහිව මිනීමැරුම් චෝදනාව යටතේ නඩු පැවැරීමට යයි.
COMMENTS
හරිම අවාසනාවන්ත සිද්ධියක්. හැම දරුවෙකුටම ඔහුට හෝ ඇයට ආවේනික වූ රටාවක් තියෙනවා කියන දෙයක් අවබෝධ කරගැනීමට. දෙමව්පියනි, ගුරුවරුනි, ඒ රටාව කුමක්දැයි හදුනාගෙන දරුවට ඉගැන්වීම් කරන්න. කිසිම දරුවෙක් අදක්ෂ නැත. නමුත් අවබෝධ කරගන්න ක්‍රමය හැමෝගෙම එකම ක්‍රමය නොවේ. කරුණාකර එය හදුනාගෙන උගන්වන්න. (ස)
නියමයිනේ (නි)