IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දැඩි උණුසුමින් නෙදර්ලන්තයේ 400 ක් මරුට

යුරෝපය පුරා මේ දිනවල ඇතිවී තිබෙන දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් නෙදර්ලන්තයේ පසුගිය සතිය ඇතුළත 400ක පමණ පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වේ.

නෙදර්ලන්තයේ ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශය පවසන්නේ ජූලි 22 වැනිදා සිට මේ දක්වා මියගිය ගනන 2,964ක් ලෙස සටහන් වී ඇති බවයි.

මෙය සාමාන්‍ය ග්‍රීෂ්ම සෘතුවකදී සතියකට මියයන සංඛ්‍යාවට වඩා 15% කින් වැඩිවීමක් බවද ඔවුහු පවසති.

පසුගිය ජූලි 25 වැනි දා නෙදර්ලන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ ගිය අතර එය මින්පෙර කිසිම දිනක වාර්තා නොවුණු උෂ්ණත්ව වැඩිවීමක් බව සඳහන් වේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නෙදර්ලන්තයේ නැගෙනහිර ප්‍රදේශයෙන් වන අතර එම ප්‍රදේශයේ උෂ්ණත්වය රටේ අනෙකුත් ප්‍රදේශ වලට වඩා ඉහළ අගයක් ගත් බව කාලගුණ විශේෂඥයෝ පවසති.

මෙය යුරෝපයේ මාසයක් ඇතුළත උෂ්ණත්ව ඉහළ ගිය දෙවන අවස්ථාව වේ.

පෘථිවියේ ගෝලීය උණුසුම ඉහළයෑම හේතුවෙන් මෙවැනි තත්ත්ව දිගින් දිගටම ඇතිවිය හැකි බවට ද විද්‍යාඥයෝ අනතුරු අඟවා ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

දැඩි උණුසුමින් නෙදර්ලන්තයේ 400 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 560 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site