IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දකුණු අප්‍රිකාවේ ගල් අඟුරු පතලක පිපිරුමකින් හයක් මරුට

දකුණු අප්‍රිකාවේ නැගෙනහිර මපුමලංගා පළාතේ ගල් අඟුරු පතලක සිදුවූ පිපිරුමකින් හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මෙය විෂවායුකින් සිදුවූ පිපිරුමක් බව විශ්වාස කෙරේ.

අනතුරින් තවත් 20 දෙනකු පමණ පතලේ සිරවී සිටින බවත් ඔවුන්ද  මියගොස් ඇතැයි අනුමාන කරන බවත් පොලිසිය පවසයි. 

කෙසේවුවද මුදවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත්.විෂවායු දිගින් දිගටම කාන්දු වීම හේතුවෙන් මෙම කාර්යය අසීරු වී ඇති බවත් සඳහන් වේ.

සිරවී සිටින අය සොයා පතලට බැසීම අවදානම් ක්‍රියාවක් වන අතර පතල තුලට විදුලි බලය හා වාතාශ්‍රය ලබාදීමෙන් පසුව එයට බැසීම කලහැකි බවත් මුදවාගැනීමේ කණ්ඩායම පවසන බව මාධ්‍ය වාර්තා කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ ගල් අඟුරු පතලක පිපිරුමකින් හයක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site