වෙනත් ලියක සමග අයුතු ගමනක් යාමට ගොස් පෙම්වතියගේ අතටම හසුවූ චීන ජාතික පෙම්වතෙකුට දෙනෝදාහක් ඉදිරියේ ඇයගෙන් හොද හැටි පහර කෑමට සිදුවිය.

අනෙක් තරුණිය බලා සිටියදීම තම වංචාකාර පෙම්වතා වීදියේ දණ ගැස්වූ පෙම්වතිය ඔහුට පහර පිට පහර එල්ල කළාය.බලා සිටියවුන් පෙම්වතා බේරා ගැනීමට උත්සාහ කළත් එයට ඉඩ දුන්නේ ඇය නොවේ.

අවසන පොලිසිය පැමිණ පෙම්වතිය හා පෙම්වතා දෙපසට කළේය. පෙම්වතිය දැන් සිටන්නේ පොලිස් අත්අඩංගුවේය.පහර කෑමෙන් ලත් තුවාල  නිසා පෙම්වතා සිටින්නේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමිනි.

පුදුමයට කාරණයක් වන්නේ වංචාකාර පෙම්වතා නොව පෙම්වතියගේ හැසිරීම බලාසිටියවුන්ගේ අප්‍රසාදයට ලක්වීමයි.

මෙම සිදුවීම වීඩියෝ ගත කර අන්තර්ජාලයටද එක් කිරීමට සිද්ධිය නැරඹූවන් කටයුතු කර තිබේ.