නයිජීරියාවේ වයඹ දිග පාසලකට එල්ලවූ ප්‍රහාරයකින් පසු සිසුන් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
කට්සිනා ප්‍රාන්තයේ රජයේ විද්‍යා ද්විතියික පාසලට මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
බලධාරීන් පවසන්නේ ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි තුවක්කුකරුවන් විසින් සිසුන් පැහැරගෙන ගොස් ඇති බවයි.
තුවක්කුකරුවන් විසින් සිසුන් ගනනාවක් රැගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ කියති.
යතුරුපැදි වලින් පැමිණි ප්‍රහාරකයන් පිරිස අහසට වෙඩි තබා, දරුවන් නිවසට රැගෙන යාමට පැමිණ සිටි දෙමාපියන් බිය වද්දා පළවාහැර තිබේ.
පොලිසිය පවසන්නේ ප්‍රහාරය පැයකට වැඩි කාලයක් පැවති බවයි. පොලිසිය පැමිණීමට පෙර පාසලේ ආරක්ෂක අංශ විසින් ප්‍රහාරකයින් කිහිපදෙනකු පලවාහැරීමට සමත්වී ඇතැයි බලධාරීහු පවසති.
පාසලේ සිසුන් 800ක් පමණ ඉගෙනුම ලබන අතර පලාගිය සහ අතුරුදන්යැයි මුලින් සැලකූ සිසුන් 200ක් පමණ නැවත පැමිණ ඇත.
පැහැරගෙන ගොස් ඇති සංඛ්‍යාව නිශ්චිතව මෙතෙක් ප්‍රකාශ වී නොමැති අතර සිසුන් 400ක් පමණ පැහැර ගන්නට ඇති බවට අනුමාන කෙරේ.
කෙසේවුවද බලධාරීන් පවසන්නේ සිසුන්ට තුවාල සිදුවූ බවට වාර්තා නොමැති බවයි.
නයිජීරියානු ජනපති මුහමුදු බුහාරි ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර සිසුන් බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට උපදෙස් දී තිබේ.
දරුවන් කොපමණ සංඛ්‍යාවක් අතුරුදන්ව ඇත්දැයි සොයාබැලීමට විගණනයක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා පාසලට නියෝග කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තුවක්කුකරුවෝ පාසැල් දරුවන් සිය ගණනක් පැහැර ගනිති