තෙල් වෙළඳපොළ නැවතත් යථා තත්ත්වයට පත්ව ඇතැයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍ය කලීඩ් අල් ෆාලි අද (13) පැවසීය.
අබු ඩාබී හි පැවැති ‘තෙල් කර්මාන්තය’ පිළිබඳව සමුළුවක් අමතමින් සෞදි බලශක්ති අමාත්‍යවරයා ඒ බව කීවේය.
තෙල් වෙළඳපොළ ඉක්මණින්ම සමබර වනු ඇතැයි ද සෞදි බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ තත්ත්වය නිසා අප්‍රේල් මාසයට කලින් ‘තෙල් අපනයන කරන රටවල සංවිධානයේ (ඔපෙක්)’ රැස්වීමක් පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි ද හෙතෙම කීවේය.
රොයිටර් අසුරිනි
055
COMMENTS