IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


තෙල් නිධි ආරක්ෂාවට ඇමෙරිකාවෙන් බළඇණි

තෙල් නිධි ආරක්ෂා කිරීම සඳහා නැගෙනහිර සිරියාවට අමතර බළඇණි යැවීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රතිපත්තිමය තීරණය “ප්‍රබල නොසැලකිල්ලක්” යැයි එරට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු විසින් පෙන්වාදෙනු ලැබ ඇත. 

කුර්දි හමුදා ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාවල සහයෝගය ඇතිව තෙල් නිධි ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවත් තෙල් නිධි අයි.එස් සංවිධානයේ අතට පත්වීම වැළැක්වීමේ අරමුණින් එම පියවර ගත් බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

යවන්නේ කුමන හමුදා බලඇණි ද කොතරම් ප්‍රමාණයක් යැවෙන්නේ ද යනාදී කරුණු ඇතුළු එම තීරණය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු කිසිවක් මෙතෙක් ප්‍රසිද්ධියට පත්කර නැත.

කිසිඳු අයුරකින් තෙල් නිධි අයි.එස්. සංවිධානයේ අතට පත්වීමට ඉඩ නොතබව බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් කළේය.

කෙසේනමුත් මෙම තීරණයත් උතුරු දිග සහ උතුරු නැගෙනහිර සිරියාවෙන් ඇමෙරිකානු ඉවත් කරගැනීමට ගත් තීරණයත් පරස්පර යැයි බොහෝදනා පවසති. උතුරු සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීමත් සමඟ එම ප්‍රදේශ ඉලක්ක කරගනිමින් තුර්කිය ප්‍රහාර එල්ල කළේය.

“කිසිම ස්ථාවරත්වයක් නැහැ. එක අතකින් කඩා වැටීමක්. ජනාධිපතිවරයා වැනෙන ප්‍රතිපත්ති ගන්නවා. ස්ථීර අදහසක් නැහැ” යැයි නැගෙනහිර සිරියාවට හමුදා යැවීමට ගත් තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ මැද පෙරදිග කලාපය පිළිබඳ විශේෂඥයකු වන ජොෂුවා ලැන්ඩිස් මහතා පැවැසීය.

ඇමෙරිකානු හමුදා මෙම ප්‍රදේශවලට යැවීමට අනුවණ ක්‍රියාවක් බව කී හෙතෙම එම ප්‍රදේශ සහ ඒ අවට දේශසීමාවල ආරක්ෂාවට රුසියාව සහ සිරියාව සිය හමුදා යොදා ඇති බවත් හෙතෙම කීවේය.

ඒ.එෆ්.පී./රොයිටර්ස්‍

- 055 -



 



අදහස් (0)

තෙල් නිධි ආරක්ෂාවට ඇමෙරිකාවෙන් බළඇණි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 166 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 239 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site