‘තලාස්’ නැමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (4) උතුරු දිග ජපාන හරහා හමා ගිය අතර මහ වැසි නිසා හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් අතුරුදන් වූහ. ලක්ෂ හතරකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි විය. සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූයේ බටහිර සහ මධ්‍යම ජපානයටය. කුණාටුව පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ 460,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ජපාන බලධාරීහු කටයුතු කළහ. ඒ සඳහා හමුදාවේ ද සහාය ලැබුණි. හදිසියේ ඇති වූ ජල ගැලීම් හේතුකොට ගෙන පළාත් රැුසක මං මාවත් ජලයෙන් යට වී ඇති අතර ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුම් පද්ධති මුළුමනින්ම ඇණ හිට තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කළේ ෂිකෝකූ සහ ජපානයට අයත් හොන්ෂූ දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බවය. වකයාමා ප‍්‍රදේශයෙන් නායයෑම් රැසක් වාර්තා වේ. එම නායයෑම්වලට හසුවී පුද්ගලයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 10 දෙනෙක් අතුරුදන්වූහ. අධික වර්ෂාව නිසා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට බලධාරීන්ට සිදුවිය. නාරා ප‍්‍රදේශයේ ලී වලින් තැනූ නිවාස රැසක් ජලයට ගසා ගෙන ගොස් ඇති අතර එයින් පුද්ගලයෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd