IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘තලාස්’ සුළි කුණාටුවෙන් ජපානයේ 30 ක් මරුට

‘තලාස්’ නැමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (4) උතුරු දිග ජපාන හරහා හමා ගිය අතර මහ වැසි නිසා හටගත් හදිසි ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් අතුරුදන් වූහ. ලක්ෂ හතරකට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමි විය. සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑම් එල්ල වූයේ බටහිර සහ මධ්‍යම ජපානයටය. කුණාටුව පිළිබඳ කල්තියා අනතුරු ඇඟවීමත් සමඟ 460,000 ක් දෙනා ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ජපාන බලධාරීහු කටයුතු කළහ. ඒ සඳහා හමුදාවේ ද සහාය ලැබුණි. හදිසියේ ඇති වූ ජල ගැලීම් හේතුකොට ගෙන පළාත් රැුසක මං මාවත්  ජලයෙන් යට වී ඇති අතර ගස් කඩා වැටීමෙන් විදුලි බල සැපැයුම් පද්ධති මුළුමනින්ම ඇණ හිට තිබේ. ජපාන කාලගුණ විද්‍යා ඒකකය නිවේදනය කළේ ෂිකෝකූ සහ ජපානයට අයත් හොන්ෂූ දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී ඇති බවය. වකයාමා ප‍්‍රදේශයෙන් නායයෑම් රැසක් වාර්තා වේ. එම නායයෑම්වලට හසුවී පුද්ගලයෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 10 දෙනෙක් අතුරුදන්වූහ. අධික වර්ෂාව නිසා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් නවතා දැමීමට බලධාරීන්ට සිදුවිය. නාරා ප‍්‍රදේශයේ ලී වලින් තැනූ නිවාස රැසක් ජලයට ගසා ගෙන ගොස් ඇති අතර එයින් පුද්ගලයෝ 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ටෝකියෝ (රොයිටර්)



අදහස් (0)

‘තලාස්’ සුළි කුණාටුවෙන් ජපානයේ 30 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site