පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවේදී ඇමෙරිකා හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම හෙළීමට තමන්ට හැකියාව ලැබුණු බව තලේබාන් සටන්කාමීහු පවසති. තම සටන්කාමීන් විසින් පහර දී බිම හෙළනු ලැබූ එම ඇමෙරිකන් ඩ්‍රෝන යානයේ සුන්බුන් මාධ්‍ය වෙත නිකුත් කරන බව ප‍්‍රාදේශීය තලේබාන් නායක හෆීස් ගුල් බහාදූර් පවසයි. ”අප යානය බිම දැම්මේ මචිකෙල් ප‍්‍රදේශයේදී. එම අවස්ථාවේදී යානය ඉතා පහළින් පියාසර කරමින් තිබුණා. අපේ සටන්කාමීන් ඊට වෙඩි තැබුවේ එවිටයි.” යැයි තලේබාන් නායකයා වැඩි දුරටත් කියා සිටියි. පාකිස්තාන/ඇෆ්ගන් දේශසීමාවට අයත් උතුරු වසිරිස්තානයේදී තම ඩ්‍රෝන යානයක් අනතුරට පත්වී කඩා වැටුණු බව ඇමෙරිකා හමුදාව ද පවසන නමුත් ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ යානය කඩා වැටුණේ තාක්ෂණික දෝෂයක් නිසා බවය. කෙසේ නමුත් යානයේ සුන්බුන් තලේබාන් සටන්කාමීන් අතට පත් ව ඇති බවත් ඒවා යළි ලබා ගැනීම ඉතා දුෂ්කර වනු ඇති බවත් ඇමෙරිකන් හමුදාව වැඩි දුරටත් කියා සිටියි. තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ඇමෙරිකන් හමුදාව ඩ්‍රෝන යානා යොදා ගනිමින් පහර දෙන්නේ සී.අයි.ඒ. බුද්ධි අංශයේ අනුදැනුම මතය. ඩ්‍රෝන මෙහෙයුම්වලට නායකත්වය දෙන්නේ ද ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශයයි. ඩ්‍රෝන යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් සී.අයි.ඒ. බුද්ධි අංශය මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නැත. පාකිස්තාන බලධාරීන් ප‍්‍රකාශ කළේ ඇමෙරිකන් ඩ්‍රෝන යානය අනතුරට පත්වීම සම්බන්ධයෙන් තමන්ට කිසිවක් දැන ගැනීමට ලැබී නැති බවය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd