හදිසි අවස්ථා තත්වයකදී, ත්‍රස්තවාදී , අන්තවාදී සහ ඒවාට සම්බන්ධ වෙබ් අඩවි යනාදියට පිවිසීම අවහිර කරන බව ඕස්ට්‍රේලියාව ප්‍රකාශ කරයි.
අන්තවාදී සහ ජනතාව තැති ගන්වන කරුණු අඩංගු වෙබ් අඩවි පාලනය කිරීමටත් ජනතාව බිය ගන්වන සහ කුපිත කරන අදහස් ව්‍යාප්ත වීම වැළැක්වීමත් අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බව ඕස්ට්‍රේලියානු බලධාරිහු පවසති.
එමෙන්ම ඩිජිටල් වේදිකාවලට (ප්ලැට්ෆෝම්ස්) ඔවුන්ගේ සේවා ආරක්ෂිතව සැපයීමට බල කරමින් නව නීති ගෙන ඒමට බලාපොරොත්තු වන බවද බලධාරිහු කියාසිටිති.
අන්තවාදීන් ඩිජිටල් වේදිකා තුළ උග්‍ර අන්තවාදී අදහස් පළ කරමින් කරන විනාශය වැළැක්වීමට රජය අරමුණු කරගෙන සිටින බව ජී7 ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ප්‍රංශයට ගොස් සිටින ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මහතා පැවැසීය.
"අපරාධකරුවන් ඩිජිටල් අවකාශය තුළ ඔවුන්ගේ අපරාධ උත්කර්ෂයට නංවනවා. එය වැළැක්වීමට අපි අපිට පුළුවන් හැමදෙයක්ම කරනවා" යැයි ඔහු කීවේය.
රොයිටර් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd