ගිනි අවියක් අතින් ගත් පුද්ගලයෙකු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තේපැන් හලක සිටි 20 දෙනෙක් පමණ ප්‍රාණ ඇපයට ගෙන සිටින්නේයැයි එරට මාධ්‍ය වාර්තා කරයෙ
අයිඑස් අන්තවාදීන් නියෝජනය කරන බවට සැකකෙරෙන ධජයක් තේපැන් හලේ ඉදිරිපස වීදුරුව මත ප්‍රදර්ශනය කර ඇත.පිටුපසින් සිටින තුවක්කුකරු කරන නියෝගයන්ට අනුව ප්‍රාණ ඇපකරුවන් කිහිපදෙනෙක් එම ධජය වීදුරුව මත තබාගෙන අල්ලාගෙන සිටිනු දැක්වෙන වීඩියෝවක් හා ඡායාරූප ඕස්ට්‍රේලියා මාධ්‍ය වලට මුදා හැර ඇත.
තුවක්කුකරුගේ ඉල්ලීම් මොනවාදැයි මේ දක්වාම ප්‍රකාශයට පත්ව නොමැත.
ප්‍රදේශයට පොලිසිය අනුයුක්ත කර තිබෙන අතර ඔවුන් ගොඩනැගිල්ලේ වෙනත් මහල්වල රැදී සිටි පුද්ගලයින් මේ වන විට ඉවත් කර ඇත.ප්‍රදේශයේ පාසැල් වලද හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර තිබෙන අතර රජයේ කාර්යාලවල ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර අගමැති ටෝනි ඇබට් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කලබල නොවී තම තමන්ගේ දෛනික රාජකාරි වල යෙදෙන්නැයි ඕස්ට්‍රේලියා ජනතාවගෙන් ඉල්ලා ඇත.
ප්‍රාණ ඇපකරුවන් ගලවා ගැනීම සදහා මෙහෙයුමක් මේ වන විට සැළසුම් කෙරෙමින් පවතින බව සදහන්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය සංක්‍රමණිකයන්ගේ හත් මුතු පරම්පරාවේ ඉඳල මේ උදවිය සොයල බලනවා. නමුත් සරණාගතයන්ගේ එහෙම සෙවිල්ලක් නැහැ. මේ නිසා බොරු කියාගෙන ගොඩ බැහැපු කට්ටිය අතරේ මෙහෙම අයත් ඉන්න ඇති. සමහර කට්ටිය හිටපු රටවල් වල නීති විරෝධී වැඩ කරලා නීතියෙන් බේරෙන්න තමන් දේශපාලන පලි ගැනීමට ලක් වුනා කියාගෙන බෝට්ටුවෙන් ආපු කට්ටිය,කියල විශ්වාස කටයුතු ආරංචි තියනවා. (බ)
අතිශයින්ම කණගාටු වෙනවා (නි)
පැහැරගැනීම්, කප්පම් ගැනීම්, මැර තර්ජන මෙම සිද්දියට සමකරන්න පුලුවන්ද? ත්‍රස්තවාදී සංවිධාන වල බැට කන්නේ සාමාන්‍ය ජනතාව. ඉහත දේවල් වලට ලක්වන්නේ එයට අදාල අය විතරයි. ලංකාවේ මීට අවුරුදු 5 කට කලින් තිබ්බ විදිහ මතක් කරගත්ත නම් වෙනස තේරෙයි. (නදී)
එක එක රටවල සරණාගතයන් රට තුලට ගැනීම තමා ඕවාට වරද. බටහිර රටවල් වල අද ත‍්‍රරස්තවාදය කරන්නේ ඔය අන්තවාදී සරණාගතයන්. (ර)
නිලංග, ඔබතුමා හරි. (ර)
මොකද්ද දිලුක් ළඟදි කියන්නේ ? දැනටම අංක තහඩු නැති වාහන, පැහැරගැනීම්, අතුරුදහන් කිරීම් කොපමණද? (නි)
ලංකාවේ මිනිස්සුන්ට දැන් ත්‍රස්තවාදය ගැන මතක නැහැ...(හේ)
මේකෙන් ලංකාවේ දේශපාලනයට වාසි ගන්න හදයිද දන්නේ නැහැ (දී)
බෝට්ටු වලින් එන අයට නවාතැන් දුන්න එකේ ආදිනව දැන් තේරෙනවා ඇති. (බ)
අපි චිත්‍ර පටි වලින් දකින දේවල් වගේ (දී)
අපේ ජනාධිපතිතුමා නැත්නම් ලංකාවෙත් තාම මේ වගේ තමයි (නි)
අන්ත වාදී සියලුම දෙනා රටින් පිටමංකර හෝ අල්ලාගෙන ඔවුන්ට දැඩි දඩුවම් දෙන්න.(හේ)
මම නම් දකින්නේ මේක ඕස්ට්‍රේලියාවට හොඳ පාඩමක් කියලා. දැන්වත් එයාලට තේරෙනවා ඇති ත්‍රස්තවාදයේ තියෙන භයානකකම. (නි)
එතකොට මංගල, දැන් රටේ පැහැරගැනීම්, කප්පම් ගැනීම්, මැර තර්ජන නැද්ද? (නි)
මෙහෙට ආ සරණාගතයන් යැයි කියාගන්නා සමහරු සංක්‍රමණ බලධාරීන් හොඳට රවටලා. මේ තියෙන්නේ ඒවායේ ප්‍රතිඵල. (නි)
ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කරන්න මුළු ලෝකයම එකතුවිය යුතුයි (නි)
මේවා අපිට හොඳ පාඩම්. (නි)
දැන් එයාලටත් තේරෙනවා නැතෑ (නි)
මේවා බෝට්ටුවලින් එන කට්ටිය කියාගෙන එන ටොම් පච විශ්වාස කරලා විහින් දමා ගත්ත හිසරද ! දැන් නගරයේ හැමෝටම කාර්යාල වලින් ගෙවල් වලට යන්න කියල. අවට ගොඩනැගිලි වල මිනිස්සු පණ එපා කියල දුවලා. නගරය පුරාම රැකවල් දාලා. හරියට ඉස්සර කොටුවේ බෝම්බයක් තියනව කියන ආරංචියට මිනිස්සු පණ කඩාගෙන දිව්වා වගේ. තව තව දීමනා දීලා හුරතල් කළා නම් හරි. (බ)
මෙවා කාට කාටත් අතීතය මතක් කරලා දෙන්න පැන නගින දේවල්. කොටින්ට අනුකම්පා කරලා කිරි පොවන අයටත් මේ වාගේ ආනිශංශ අනාගතේ ලැබේවි. (නදී)
රටේ මිනිස්සු බුද්ධිමත් නොවුණොත් ලංකාවෙත් ළඟදීම ඕවා දකින්න පුළුවන්.මතක තියාගන්න අද මම කිව්වා කියලා (නි)
ලංකාවේ හමුදාව යැව්වා නම් මේ අය බේරාගන්න එක මේ තරම් අමාරු නැහැ. අපේ කොල්ලෝ ත්‍රස්තවාදීන්ට බය නැහැ. (නි)
හෙට උදේ වෙනකොට හොඳ ක්‍රියාමාර්ගයක් අරගෙන තිබේවි (නි)
මේවා අහක යන නයින් ඔඩොක්කුවේ දමා ගැනීමේ ප්‍රතිඵල. (බ)
ත්‍රස්තයෝ හීන දැක්කත් අල්ලාගන්න පුළුවන් තරම් ප්‍රභල ආරක්ෂාවක් තියෙන රටක්. (නි)
මේ ත්‍රස්තවාදය ලොවෙන් තුරන් කළ යුතුයි.(හේ)
ත්‍රස්තවාදය කෙසේවෙතත් මැර තර්ජන, කප්පම්, පැහැරගැනීම් තිබුනාට කමක් නැද්ද විපුල? ඒ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නෙමෙයිද? ඔය කාගේ දර්ශනයක්ද? (නි)