IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


තුර්කි සිවිල් ගුවන්සේවාවලට සිරියාවට ඇතුළුවීම තහනම්

තුර්කියේ සිට තම රටට පැමිණෙන සියලූ සිවිල් ගුවන්සේවා තහනම් කිරීමට සිරියා රජය පියවර ගැනීමත් සමඟ එරට රජය සහ කැරැලිකාර පාර්ශ්වය අතර ගැටුම් උත්සන්න වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි. තුර්කි ගුවන් සීමාවට ඉහළින් ගමන්ගත් සිරියානු ගුවන් යානයක් ඉකුත් සතියේ හදිසියේ ගොඩබැස්සවීමත් සමඟ දෙරට අතර මතභේදාත්මක තත්ත්වයක් පැනනැඟුණි. තුර්කියේ මෙම කි‍්‍රයාවට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස සිරියා රජය මෙම පියවර ගෙන තිබේ. සිරියාවට පැමිණෙන තුර්කි ගුවන්ගමන් තහනම් කිරීමත් සමඟ එරට රජය සහ කැරැලිකරුවන් අතර ගැටුම් උත්සන්න වූ බව සානා පුවත්සේවය සඳහන් කළේය. එහිදී සිරියා රජයට අයත් ප‍්‍රහාරක ගුවන්යානයක් බිම හෙළීමට කැරැලිකරුවන් සමත්වූ බව වාර්තා වේ. එසේම ඊයේ දිනයේදී උතුරු සිරියාවේ පිහිටි ඓතිහාසික උමායාඞ් දේවස්ථානයකට ද  කැරැලිකරුවන් දැඩි ප‍්‍රහාර එල්ල කර ඇත. මේ අතර ඩමැස්කස් අගනුවර ආසන්නයේදී කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තම රටට පැමිණෙන සිරියානු ගුවන්යානා සම්බන්ධයෙන් ද එවැනි තහනමක් පැනවීමට තුර්කි රජය පියවර ගෙන නොමැති බව තුර්කි රජය පවසයි. තුර්කි ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් හදිසියේ ගොඩබැස්සවූ සිරියා ගුවන්යානයේ තිබී ආයුධ හමුවූ බවට තුර්කි රජය චෝදනා කළේය. මේ සිදුවීම වන අවස්ථාවේදී එම ගුවන්යානය රුසියාවේ සිට සිරියාව දක්වා ගමන් කරමින් තිබිණ. සිරියාව සහ රුසියාව මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින් තුර්කි රජය කළ චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රුසියානු විදේශ ඇමැති සර්ගෙයි ලැව්රොව් සඳහන් කළේ සිවිල් හෝ යුද කටයුතු සඳහා භාවිත කළ හැකි රේඩාර් උපකරණ මඟී ගුවන්යානයේ තිබූ බවත් ඒ හේතුවෙන් රුසියාව කිසිදු ලෙසකින් ජාත්‍යන්තර නීති උල්ලංඝනය කර නොමැති බවත්ය. මේ අතර තුර්කි අගමැති රිසෙප් ටයිප් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් ඉල්ලා සිටියේ සිරියා අර්බුදය විසඳීමට මැදිහත්වන ලෙසයි. මීට පෙර අවස්ථා කිහිපයකදීම ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිරියා අර්බුදය විසඳීමට මැදිහත්වීම පිණිස යෝජනාවලි කිහිපයක් සම්ම්ත කර ගැනීමට උත්සාහ ගත් අතර එහිදී චීනය සහ රුසියාව සිය නිෂේධ බලය භාවිත කර එම උත්සාහයන් ව්‍යර්ථ කරනු ලැබීය.



අදහස් (0)

තුර්කි සිවිල් ගුවන්සේවාවලට සිරියාවට ඇතුළුවීම තහනම්

බණ්ඩාර Monday, 15 October 2012 06:51 PM

අහිංසක මිනිසුන් මරන්න රුසියාව ආයුධ සපයනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site