තුර්කියේ ඉස්තාම්බුල් අගනුවර දෙවන වරටත් පැවැත්වූ නගරාධිපතිවරණයෙන් විපක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.
විපක්ෂය නියෝජනය කරන එක්රෙම් ඉමමොග්ලු මහතා මේ වනවිට වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය අභියස සිටියි.
පසුගිය මාර්තු මාසයේ පැවැත්වූ මැතිවරණයෙන් ද එක්රෙම් ජයග්‍රහණය කළ නමුත් පාලක පක්ෂය විසින් එය දූෂිත මැතිවරණයක් ලෙස නම් කළ බැවින් නැවත මැතිවරණයක් පැවැත්වීමට තීරණය විය.
විචාරකයන් පවසන්නේ තුර්කියේ වත්මන් පාලක එඩොගොන්ගේ ජනප්‍රියත්වය පහළ ගොස් ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්වා දෙන බවයි. 2003 වර්ෂයේ සිට පළමුව අගමැතිවරයා වශයෙන් ද වර්තමානයේ ජනාධිපතිවරයා ලෙස ද එඩොගාන් මහතා තුර්කිය පාලනය කරයි.
(බීබීසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුර්කියේ අනිත් ගම්බද ප්‍රදේශ එක්ක සංසන්ධනය කරහම ඉස්තාන්බුල් අන්කරා යන නගර වල ඉන්නේ උගත් බුද්ධිමත් ජන කොට්ටාශයක්, හරියටම ජයග්‍රහණය තහවුරු කරන්න ඕනේ නම් මුළු රටේම ප්‍රතිපල ලැබිය යුතුය .