මධ්‍යම තුර්කියේ දී සෙබළුන් රැගත් බස් රියකට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් සෙබළු 13 දෙනෙක් මියගොස් ඇතැයි ද තවත් 56 දෙනෙක් තුවාල ලබා ඇතැයි ද විදෙස් පුවත් සේවා පවසයි.

කයිසේරි  නගරයේ මෙම පිපිරුම සිදුව ඇති අතර එරට හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා ඇත්තේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ටද තුවාල සිදුව ඇති බවයි.

ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම මෙතෙක් කිසිවකු බාරගෙන නැති බවත් නමුත් තුර්කි බලධාරීන් කුර්දිස්ථාන් කම්කරු පක්ෂයට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කරන බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.