සිරියාව සම්බන්ධයෙන් තුර්කි රජය අනුගමනය කරන ප්රතිපත්ති වෙනස් කරන්නැයි බල කරමින් තුර්කියේ අන්කාරා නුවර ඊයේ (17) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත් විණි.
සියයකට වැඩි පිරිසක් ඊට එක්ව සිටියහ. කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ල කරමින් පොලිසිය එම පිරිස විසුරුවා හැරියේය. විරෝධතාවට එක් වී සිටියේ තුර්කි විශ්ව විද්යාල සිසුන්ය.
සිරියානු රජයට එරෙහිව, එරට කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට තුර්කියේ සහාය හිමිවීමට එරෙහිව එම විරෝධතාව පැවැත්විණි.
තුර්කි අගමැති රෙසෙප් එර්ඩොගොන්ගේ රජය සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දීමෙන් තුර්කිය ද අස්ථාවර වනු ඇති බවටත්, සිරියාවේ ප්රචණ්ඩ කි්රයා තුර්කියට පැතිරෙනු ඇති බවටත් විරෝධතාකරුචෝ චෝදනා කරන්න වූහ.
විරෝධතා සංවිධානය කළ විශ්ව විද්යාල සිසුන් 30 දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වූ බව ද වාර්තා වේ.
සිරියාව තුර්කියේ අසල්වැසියෙකි. ඉකුත් 11 වැනිදා සිරියානු තුර්කි දේශසිමාවට යාබද තුර්කියේ රෙහාන්ලී නගරයේ අධි බැලැති කාර් බෝම්බ දෙකක් පුපුරා ගියේය.
එම බෝම්බ පිපිරීම්වලින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් තුවාල ලැබූහ. තුර්කි ආරක්ෂක අංශ එම අවස්ථාවේදී කියා සිටියේ, එය තුර්කි ‘ත්රස්තවාදීන්ගේ’ කි්රයාවක් නමුත් සිරියානු රජය සහ බුද්ධි අංශය ඒ පසුපස සිටින බවය.
තුර්කිය කලක් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම මිතුරා විය. එහෙත් සිරියානු කැරැුල්ල ඇරැඹීමෙන් පසු තුර්කිය සිරියාවේ සතුරා වී ඇත. එම බෝම්බ පිපිරීම හේතුවෙන් සිරියානු අර්බුදයට තුර්කිය සෘජුව මැදිහත් වීමේ අවදානමක් පවතී. තුර්කි අගමැති ඇමෙරිකා ජනපති හමුවීමට ගියේ ද මේ හේතුව නිසාය. තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝ සාමාජික රටකට සතුරු ප්රහාරයක් එල්ල වුවහොත් සෙසු සාමාජික රටවල් ද එම රට ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට බැඳී සිටී.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
578
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුර්කියේ සරසවි සිසුහු රජයට එරෙහිව වීදි බසිති