තුර්කියේ රුසියා තානාපති අන්ද්‍රේ කාලොෆ් ඝාතනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
තුර්කියේ හිටපු කැරලි මර්දන භටයකුගේ වෙඩි පහරට ලක්ව ඔහු මියගොස් ඇති අතර 62 හැවිරිදි කාලොෆ් රුසියාවේ ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රික නිලධරයකු ලෙස හැඳින්වේ.
අන්කාරා නුවර පැවැති ඡායාරූප ප්‍රදර්ශනයකට සහභාගීවී සිටියදී කාලොෆ් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතැයි කියති.
වෙඩි තැබූ පුද්ගලයා වෙඩි ප්‍රහාර එල්ල කරන අතරතුර ‘දෙවියන් ශ්‍රේෂ්ටයි‘, ඇලෙප්පෝ නගරය අමතක කරන්න එපා, සිරියාව අමතක කරන්න එපා‘ යනුවෙන් කෑ ගසා ඇතැයි ද වාර්තාවේ. වෙඩි තැබූ පුද්ගලයා 22 හැවිරිදි අයකු බවත් තානාපතිවරයා ඝාතනය සඳහා එක දිගට වෙඩි ප්‍රහාර 8ක් පමණ එල්ල කර ඇති බවත් කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ මිනිසුන් අනුකම්පාව හඳුනනන්නේ නැහැ (නි)
ලොව සෑමතැනම එකයි බලනකොට (නි)
දෙවියනි, මේ අපරාධ නවතින්නේ කවදාද? (නි)
හරිනේ ඔය සෑම තැනකින්ම මතුවෙන්නේ තුන්වැනි ලෝක යුද්ධයේ පෙර නිමිති (බ)