IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තායි රජකුමරියගේ අගමැති සිහිනය බොඳ වෙයි

තායිලන්ත රජු මහා වජිරලොන්කොන්ගේ ප්‍රකාශය අණක් ලෙස සළකා රාජකන්‍යා බර්නවාදී කුමරිය අග්‍රාමාත්‍යය ධූරය සඳහා ඉදිරිපත් නොකරන බව තායි රක්සා චාට් පක්ෂය සඳහන් කරයි.

මෙතෙක් එරට රාජකීයන් දේශපාලනයට යොමු නොවීම හේතුවෙන් 67 හැවිරිදි රාජකන්‍යා කුමරිය අග්‍රාමාත්‍ය අපේක්ෂක ධූරයට ඉදිරිපත් වීම තායි ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වේ.

මහා වජිරලොන්කොන් රජු සිය සොහොයුරියගේ දේශපාලනයට පිවිසිම දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කිරිම හේතුවෙන් මෙම තීරණය ගත් බව පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

තායි රජ මැදුර නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එවැනි ක්‍රියාවක් ජාතියේ සංස්කෘතියට අපහාස කිරිමක් වන බවයි.

මාර්තු 24 වැනි දා පැවැත්වෙන තායි මහමැතිවරණය සඳහා රාජකන්‍යා කුමරිය තරග වදින බව ඉකුත් (8) වැනි දා පැවසුවාය.

ඇය තායිලන්තයේ හිටපු රජු භූමිබෝල් හා සිරිකින් රැජණ පළමු දරුවා ලෙස 1957 දී ස්විස්ටර්ලන්තයේ දී උපත ලැබුවාය.

 

(බීබීසී ඇසුරෙනි)

(28535)



අදහස් (0)

තායි රජකුමරියගේ අගමැති සිහිනය බොඳ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site