IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


තමා වටා එකතු වන්නැයි සිම්බාබ්වේ ජනපති කියයි

හරාරේහිදීය (රොයිටර්ස්)
 
තම ජනාධිපතිධුරය වටා එක්රැස් වන්නැයි සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා අද (26) අවධාරණය කළේය.
 
පසුගිය සිකුරාදා ව්‍යවස්ථා අධිකරණය එමර්සන් ම්නන්ගග්වා ජනාධිපති බව තීරණයෙන් කිරීමෙන් පසු ජනාධිපති ධුරයේ දිවුරුම් දෙමින් එමර්සන් ම්නන්ගග්වා ඒ බව පැවැසීය. 
 
ජනාධිපතිධුරය සඳහා එමර්සන් ම්නන්ගග්වා සහ නෙල්සන් චමීසා අතර තියුණු තරගයක් පැවැති නමුත් ජනාධිපතිවරණයෙන් පහසු ජයක් ලැබීමට එමර්සන් ම්නන්ගග්වා සමත් විය. ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල නිකුත් වීම දින කිහිපයක් ප්‍රමාද වූ අතර මැතිවරණය ප්‍රතිඵලය අභියෝගයට ලක් කළ නෙල්සන් චමීසා මැතිවරණ අක්‍රමිකතා සිදුව ඇතැයි ද චෝදනා කළේය. 
 
ජූලි 30 වැනිදා පැවැති ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් මැතිවරණය යන මැතිවරණ ත්‍රිත්වය සහ ප්‍රතිඵල නිකුත් කිරීම ඇතුළු පශ්චාත් මැතිවරණ සමය සැලකිල්ලට ගැනීමේදී සිම්බාබ්වේහි ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාසය සම්බන්ධයෙන් ප්‍රශ්න නැගෙන බව ඇමෙරිකා එක්සත් ජනපද නිරීක්ෂකයෝ පවසති. 
 
කෙසේ නමුත් එමර්සන් ම්නන්ගග්වාගේ දිවුරුම් දීමේ උත්සවය සිම්බාබ්වේ වැසියන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ඊට දකුණු අප්‍රිකාවේ ජනාධිපති සිරිල් රැමපෝසා, රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ ඇතුළු විදෙස් නායකයන් ද පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වූහ. 
 
“අපි කවරදාකටත් වඩා එකමුතු විය යුතු දවස එළැඹී තිබෙනවා. අපි සියලු දෙනා එකතු වී අපි අපේ මාතෘභූමිය සංවර්ධනය කරමු. ජාතියක් ලෙස එකමුතු වීමටත් අපේ ආර්ථිකය ගොඩනැගීමටත් කාලය ඇවිත්” ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු තම පළමු කතාව කරමින් එමර්සන් ම්නන්ගග්වා පැවැසීය. 
 
055



අදහස් (0)

තමා වටා එකතු වන්නැයි සිම්බාබ්වේ ජනපති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 143 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 990 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site