තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය හේතුවෙන් තමිල්නාඩු රජය දින හතක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම කාලයේ සියලු රජයේ ස්ථානවල ජාතික ධජය අඩකුඹු කොට තබන ලෙසත් කිසිදු විනෝදාත්මක වැඩසටහනක් නොපවත්වන ලෙසත් ප්‍රධාන ලේකම් පී.රාම මෝහන රාඕ නිවේදනයකින් සඳහන් කරයි.
සියලු අධ්‍යාපන ආයතන සඳහා දින තුනක නිවාඩු කාලයක් ලබාදීමටද තමිල්නාඩු රජය පියවර ගෙන ඇත.

COMMENTS
අනේ මෙහෙම රටක්. (නි)
තමිල්නාඩුවේ පමණද ශෝක කාලය.(හේ)
දවස් හතෙන් නැවතුනා ඇති.... ඉන්දියන්කාරයෝ කොච්චර මෝඩද කියනවා නම් දේව චරිත රඟපාන නළු නිලියෝ ඇත්තටම දේවත්වයෙන් සළකනවා. පාරේදී දැක්කහම දිගාවෙලා වඳිනවා (නි)