IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


තානාපති දූට පුටු කකුලෙන් ගහලා

ඇමරිකාවේ ගිනියා තානාපති ලී පුටුවක කකුලකින් ගැහැනු දරුවෙකුට පහරදී තුවාල සිදුකරනු ලැබ ඇතැයි සැකයක් ඇතත් ඔහුගේ තානාපති වරප්‍රසාද හේතුවෙන් අත්අඩංගුවට නොගත් බව ඇමරිකානු පොලිසිය උපුටා දක්වමින් බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

තානාපති රූබන් මයේ එන්සු මැන්ගුස්ගේ නිවසින් ඇමරිකාවේ වොෂින්ටන් නගරයට නුදුරු ආර්ලින්ටන් පොලිසියට ලැබුණු ඇමතුමක් අනුව ක්‍රියාත්මක වූ පොලීසියට හිසේ කැපුම් තුවාල හා සිරුරේ ස්ථාන කිහිපයක තුවාල සහිත ගැහැනු ළමයෙක් සොයාගත හැකි වූ බව පොලිස් ප්‍රකාශක ඩස්ටින් ස්ටෙම්බක් පවසයි.

පොලිස් ප්‍රකාශකවරයා පවසන්නේ තානාපතිවරයා මූළික සැකකරු බවයි. තුවාල ලැබූ දැරිය තානාපතිවරයාගේ දියණිය බව ද තහවුරු වී ඇත. ඇය වර්ජිනියා රෝහලට ගෙනගිය බව ද පොලිස් ප්‍රකාශකවරයා කීවේය.

‘‘ ගැහැනු ළමයාගේ හිසේ පැලුණු තුවාල තිබුණා. තැලීම් හා ඇස් ඉදිමී ගොස් තිබුණා. තානාපති වරප්‍රසාද හේතුවෙන් මේ සිද්ධියට අදාල තානාපතිට එරෙහිව අධිකරණ බලය හෝ අත්අඩංගුවට ගැනීමක් කළේ නැහැ. මේ ගැන අපි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා. “ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරත් කියා සිටියේය.

රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරියෙක් ප්‍රකාශ කැර ඇත්තේ මේ සම්බන්ධයෙන් ප්‍රාදේශිය අධිකාරිය සමග සම්බන්ධ වුව ද  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්චා කිරීමට නොහැකි වු බවත්ය.

ගිනියාවේ තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශකැර නැත. ආර්ලින්ටන් පොලිස් ප්‍රකාශක ස්ටේන් බෙක් පවසන්නේ මෙවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් 2013 දී මේ නිවසේ තැනැත්තකු විසින් පොලිසිය කැඳවුව ද තානාපති වරප්‍රසාද හේතුවෙන් එම අවස්ථාවේ දී කිසිවෙකුට චෝදනා නැගීම හෝ අත්අඩංගුවට ගැනීම නොකළ බවයි.



අදහස් (0)

තානාපති දූට පුටු කකුලෙන් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site