ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම්වල නියැළී සිටින ඇමෙරිකා හමුදාව, ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා උල්ලංගනය කරමින්, පාකිස්තානයට අයත් උතුරු වසිරිස්තානයේ මීර් අලී නගරයට ඊයේ (14) එල්ල කළ ඩ්‍රෝන ප‍්‍රහාරයකින් පාකිස්තාන සිවිල් වැසියෝ පස් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
ඇමෙරිකා හමුදාව කියා සිටියේ තලේබාන් සටන්කාමීන්ගේ තිප්පොලක් ඉලක්ක කර ගනිමින් ප‍්‍රහාරය එල්ල කළ බවය. නියමුවන් රහිත ඩ්‍රෝන යානය එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මීර් අලී නගරයේ ගොඩනැගිලි කිහිපයක් ද විනාශ විය.
මේ මාසයේ ඇමෙරිකන් හමුදාව එල්ල කළ දෙවැනි ඩ්‍රෝන ප‍්‍රහාරය එය යැයි විදෙස් මාධ්‍ය වාර්තා පැවැසීය.
මේ අතර දේශසීමා උල්ලංගනය කර තම රටට පැමිණ එල්ල කළ එම ප‍්‍රහාරය ගැන පාකිස්තාන රජය ඇමෙරිකාවට දොස් පවරා ඇත. පාකිස්තාන අගමැති නවාෂ් ෂරීෆ් මීට පෙර ද ඇමෙරිකාවට චෝදනා කර ඇත්තේ, ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් එල්ල කරන එම ඩ්‍රෝන ප‍්‍රහාර වහා නැවැත්විය යුතු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල්. (නි)
හිලරි නෝනා කෝ ?? (නි)
දැන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිදානය බුදිද? ඒ ගොල්ලෝ නැගිටින්නේ අපි ත්‍රස්තවාදින්ව මැරුවම විතරද?? මම නම් කියන්නේ දැන් අපි මේවට විරුද්ධව පැමිනිලි කරන්න ඕනෑ (නි)