IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඩොනල්ට් ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඇමෙරිකා එක්සත් ජනපදය මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකෙරෙන තාප්පයට ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ලබා නොදුනහොත් රාජ්‍ය සේවා සියල්ල නවතා දමන බවට එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට කොංග්‍රසයට අනතුරු ඇඟවීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ රජය වසා දැමීම එසේත් නැතහොත් රාජ්‍ය සේවා නවතා දැමීම යනු ඒවාට මූල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීමය. මූල්‍ය ප්‍රතිපාදන වෙන් කෙරෙන පනත් කෙටුම්පත් කොංග්‍රසයේදී සම්මත වේ. එහෙත් ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා අත්සන් තැබිය යුතුය.  
 
ඇමෙරිකා එක්සත් ජනපදය හා මෙක්සිකෝව අතර දේශසීමාවේ තාප්පයක් ඉදි කරනවා යන්න ට්‍රම්ප් ජනාධිපතිවරයා දුන් මැතිවරණ පොරොන්දුවකි. 
 
“තාප්පය ඉදි කිරීම ආරම්භ කරලා තියෙන්නේ. අපට ඩොලර් බිලියන 1.6ක මුදලක් තිබෙනවා” වොෂින්ටනයේ මිචිගන් හී පැවැති රැලියක් අමතමින් ට්‍රම්ප් ජනාධිපතිවරයා කීය.  
 
“සැප්තැම්බර් 28 වැනිදා වෙද්දි අවශ්‍ය ප්‍රතිපාදන නොලැබුණහොත් අපට දේශසීමාවේ ආරක්ෂාව නැහැ. අපට  වෙනත් තෝරාගැනීමක් නැහැ. රටේ සියලු කටයුතු නවතා දමන්න වෙනවා.” යැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා කීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය මාර්තු මාසයේදී ද මේ ආකාරයේම තර්ජනයක් කළේය. අපරාධකරුවන් රට තුළට ඇතුළුවීම නැවැත්වීම සඳහා සංක්‍රමණික නීතිරීති වෙනස් කළ යුතු යැයි හෙතෙම කීය.
 
සංක්‍රමණිකයන් පිළිබඳ අර්බුදයක් නිසාම ජනවාරි මාසයේදී අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය සේවා සියල්ල සඳහා මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට නොහැකි වීමෙන් ඇමෙරිකාවේ සියලු කටයුතු ඇණ හිටියේය. 
 
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය මාසයේදී සැප්තැම්බර් මාසයේ අවසානය දක්වා රජයේ කටයුතු සඳහා මුදල් වෙන් කරන පනත් කෙටුම්පතට අත්සන් තැබීය. එයින් සැප්තැම්බර් මාසය අවසානය දක්වා ඩොලර් ට්‍රිලියන 1.3ක මුදලක් වෙන් කරනු ලැබිණි. 
මේ වසරේ නොවැම්බර් මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ නිසාම රජයේ කටයුතු අඩපණ කිරීමට ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ අනෙකුත් සාමාජිකයන්ගේ සහාය හිමිවනු ඇතැයි ද පැවසේ. රිපබ්ලිකන් පක්ෂයට කොංග්‍රසයේ බලහ තහවුරු කරගැනීමට අවශ්‍ය වීම ඊට ප්‍රධාන හේතුවයි.
  
ඬේලිමේල් ඇසුරිනි
055



අදහස් (0)

ඩොනල්ට් ට්‍රම්ප්ගෙන් තවත් අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 650 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 316 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site