IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට කැනඩා අගමැති නොයයි

ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ලෙස රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලබන 20 වැනි දා දිවුරුම් දීමට නියමිත අතර දිවුරුම් දීමේ උත්සවයට තමන් සහභාගී නොවන බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මහතා දන්වා ඇත.

දිවුරුම්දීමේ උලෙළ පැවැත්වෙන්නේ ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරය. ට්‍රම්ප් මහතාගේ විශේෂ ආරාධනාව මත ලොව රාජ්‍ය නායකයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය. කැනඩා අගමැතිවරයාට ද ආරාධනා ලැබී තිබේ.
ඇමෙරිකාවේ අසල්වැසියා වන්නේ කැනඩාව වන අතර, කැනඩා අගමැති කාර්යාලය පවසා ඇත්තේ අගමැති ටෘඩෝ මහතා දිවුරුම් දීමට සහභාගී නොවනු ඇති බවත්, එදින ඔහු කැනඩාව පුරා සංචාරය කරමින් ජනතාවගේ ගැටළු විමසීම සහ ඒවාට පිළිතුරු ලබා දීම කරනු ඇති බවත්ය.

 ටෘඩෝ මහතාගේ අඩුව පුරවමින් කැනඩා රජය නියෝජනය කරමින් එරට රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ට්‍රම්ප්ගේ දිවුරුම් දීමේ උලෙළට සහභාගී වනු ඇතැයි කැනඩා අගමැති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.



අදහස් (0)

ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට කැනඩා අගමැති නොයයි

අජිත් Saturday, 14 January 2017 12:07 AM

හොඳට බලාගෙන ඉන්න, ලංකාවට හොඳට සළකාවි! (නි)

:       0       0

බමුණු Saturday, 14 January 2017 11:46 PM

හුසේන් මොහමඩ්, ඇයි බයවුණාද?

:       0       0

රිචි බාලසුරිය Wednesday, 11 January 2017 07:50 PM

ත්‍රස්තවාදයට උදව් කරපු කිසිම දේශපාලකයෙක් ට්‍රම්ප්ගේ දිවුරුම්දීමට එන්නේ නැහැ. මොකද ඔවුන්ගේ බලාපොරොත්තු සුන්වුණ නිසා (නි)

:       0       0

මහින්ද Wednesday, 11 January 2017 09:00 PM

ට්‍රම්ප් සමග සෙල්ලම් බැරිබව කවුරු කවුරුත් මතක තබා ගත්තොත් හොඳයි. කොන්ද පන ඇති නායකයෙකි. (නි)

:       0       0

හුසේන් මොහමඩ් -රියාද් Saturday, 14 January 2017 06:41 AM

ඇමරිකාවට ලෝකවාසීන්ගේ හිත්වල ටිකක් හරි ඉතිරිවෙලා තියෙන හොඳ නමත්, ට්‍රම්ප් නිසා නැතිවෙන දවස වැඩි ඈතක නැහැ. (අ)

:       0       0

නලීන් Monday, 16 January 2017 03:00 AM

පොල් 1800 ක් ගහලා සුභ පතලා යාලුවෙමු (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 12 January 2017 01:42 AM

කැනඩාවත් ලෝකයේ අනික් රටවල අභ්‍යන්තර කටයුතු වලට අැඟිලි ගහන්න හදනවා වගෙයි. (නි)

:       0       0

සමන් Friday, 13 January 2017 04:58 PM

කැනඩාවට ස්‌නෝ වැටුනාට වැඩකටයුතු නවතින්නේ නෑ .. ඕනනම් ඕන තැනකට යන්න පුලුවන්. (අ)

:       0       0

සිල්වා Wednesday, 11 January 2017 10:39 AM

එතකොට දෙමළ ඩයස්පෝරාව සතුටු වේවි. ඔතනට ගිහිල්ල නිකන් ඡන්ද කඩා ගන්නේ මොකටද ? (අ)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Friday, 13 January 2017 06:46 PM

කැනඩාවේ දමිළයන්ට තියෙන බය නිසා වන්න ඕනෑ මෙයා යන්නේ නැත්තෙ. ගියොත් මිලියන ගානක ඡන්ද අහිමිවෙයි ලබන ඡන්දයේදී (නි)

:       0       0

ජයන්ත Thursday, 12 January 2017 05:55 AM

මේ දවස්වල් කැනඩාව පුරා සංචාරය කරන්නේ කොහොමද, කැනඩාව පුරා හොඳටම හිම වැටෙන කාලේ. අනෙක කැනඩාවේ ඉඳලා එන්න පැය දෙකක් නැත්නම් තුනක් තමයි යන්නේ. එයා නාවත් ට්‍රම්ප් ජනාධිපති තනතුරේ දිවුරුම් දෙනවාමයි. අපේ රටට එහෙම ආරාධනා කරලා නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site