ටියුනීසියා රජයට එරෙහිව ජනතා විරෝධතා ඉස්මතු වීමත් සමඟ එරට අගමැති අලී ලරායේද් ඊයේ (30) ජනතාව අමතමින් කියා සිටියේ ලබන දෙසැම්බරයේ
|
අගමැති අලී ලරායේද් |
දී මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන බවය.
ටියුනීසියාවේ යළිත් වරක් ජනතා විරෝධතා රැල්ලක් හටගත්තේ ඉකුත් සතියේ එරට විපක්ෂ නායකයකු වූ මොහොමඞ් බ‍්‍රහ්මි ඝාතනය කිරීමත් සමඟය.
ඊට අමතරව ටියුනීසියාවත් ඇල්ජීරියාවත් අතර දේශසීමාවේ දී ටියුනීසියානු හමුදා සෙබළුන් අට දෙනකු අල් කයිඩාවට සම්බන්ධ සටන්කාමීන් අතින් ඝාතනය විය.
මෙම සිදුවීම් මුල් කොට ගනිමින් අගමැති අලී ලරායේද් සහ පාලක එනහ්ඩා පක්ෂයට එරෙහිව ජනතා විරෝධයක් ආරම්භ විය.
ටියුනිස් ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයකම විරෝධතා ඇරැඹුණු අතර රජය පොලිසිය යොදවා එම විරෝධතාකරුවන් විසුරුවා හරිනු ලැබුවේ කඳුළු ගෑස් ප‍්‍රහාර ද එල්ල කරමිනි.
2010 වසරේ අරාබි වසන්තය යැයි බටහිර රටවල් විසින් හඳුන්වනු ලැබූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ ආරම්භ වූයේ ටියුනීසියාවෙනි. එම විරෝධතා ඊජිප්තුව, ලිබියාව මෙන් ම සිරියාවට ද පැතිර ගියේ ඉන්පසුවය.
|
රජයට එරෙහි විරෝධතා දක්වන පිරිස් |

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.