ලෝකයේ ප‍්‍රධානතම ආර්ථිකයන් හිමි රටවල් අටේ එකමුතුව හෙවත් ‘ජී8’ සමුළුව, විරෝධතා මැද පෙරේදා (17) උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවරදී ආරම්භ වූ අතර එහිදී ලෝක නායකයන්ගේ වැඩි අවධානය යොමු වූයේ සිරියානු අර්බුදය කෙරෙහිය.
සිරියානු අර්බුදයේ දී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය සහාය දෙන්නේ සිරියා කැරැලිකරුවන්ටය. මේ වනවිට ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියා කැරැලිකරුවන්ට ආයුධ දී ශක්තිමත් කිරීමටය.
සෙසු ලෝක බලවතුන් වන රුසියාවත් චීනයත් සහාය පළ කරන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයටය. රුසියානු ජනාධිපති පුටින්, ඇමෙරිකා ජනපති ඔබාමා සහ බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් අතර පැය කීපයක් තිස්සේ සිරියානු අර්බුදය ගැන සාකච්ඡා කළ බව මාධ්‍ය වාර්තා කළේය.
සමුළුවට ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා, බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, චීන ජනාධිපති සිං ජියැපින්, රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජර්මනියේ චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල්, ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රන්සුවා ඕලන්ද්, ජපන් අගමැති ෂෙන්සෝ අබේ සහ තුර්කි අගමැති එන්රිකෝ ලෙටා සහභාගී වූහ. සමුළුව ඊයේ අවසන් විය.
2025 දෙසැම්බර් මස 04
532
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ජී8’ සමුළුවේදී සිරියානු අර්බුදය ගැන සාකච්ඡා