ලොව ධනවත්ම ආර්ථීකයන් හිමි රටවල් හතේ නායකයන් සහභාගී වන ජී 7සමුළුව අද (7) දකුණු ජර්මනියේ බැවේරියාහිදී ආරම්භ විය.

මෙවර ජී 7 සමුළුවේදී ග්‍රීසියේ   ණය අර්බුදය, යුක්රේන හා රුසියා අර්බුදයට අමතරව ගෝලීය උෂ්ණත්වය මැඬීමට පියවර ගැනීම ආදිය ගැන වැඩි අවධානයක් යොමු වී ඇතැයි වාර්තා වේ.

නැගෙනහිර යුක්රේනයට ඇති කරන හමුදාමය පීඩනය එරෙහිව රුසියාවට රාජ්‍යතාන්ත්‍රික ලෙස දැඩි පීඩනයක් එල්ල කිරීමට ජී 7 සමුළුවේ නායකයන් කටයුතු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජී 6 ලෙස  ප්‍රංශය, බටහිර ජර්මනිය, ඉතාලිය, ජපානය, ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානිය යන රටවල  සහභාගිත්වයෙන් ආරම්භ වූ මෙම සමුළුව 1976 දී කැනඩාවේ සම්බන්ධ වීමත් සමඟ ජී 7 සමුළුව ලෙස නම් කැරිණි.

1988 දී ජී 7 සමුළුවට රුසියාව එක් වූ අතර ඉන් අනතුරුව එය ජී 8 සමුළුව යනුවෙන් හඳුන්වනු ලැබීය.    2014  දී යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපය අල්ලාගැනීමට කටයුතු කිරීමත් සමඟ රුසියාවට ජී 08 සමුළුවේ සාමාජිකත්වය තාවකාලිකව අහිමිවිය. එය නැවත ජී 7 සමුළුව නමින් නම් කැරිණි

බැවේරියාහිදීය (ඒ.එෆ්.පී)