ජනතා විමුක්ති පෙරමුණ එක්සත් රාජධානි කමිටුව සංවිධානය කළ "2015 මහ මැතිවරණය හා විදේශගත ශ්‍රී ලාංකික අපගේ වගකීම" යන මැයෙන් සම්මන්ත්‍රණයක් ජුලි 25 සවස ලන්ඩනයේ වෙල්ෆාම් ක්‍රීඩාගාර ශාලාවේදී පැවැත්විණි.
අගෝස්තු 17 දා ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මහා මැතිවරණයේදී තමන්ගේ අගනා ජන්දය භාවිතා කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නෑදෑ හිත මිත්‍රාදීන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත.
එහිදී ස්කයිෆ් තාක්‍ෂණය ඔස්සේ අන්තර්ජාලය හරහා ජවිපෙ ප්‍රචාරක ලේකම් හා ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක විජිත හේරත් විසින් විශේෂ දේශනයක් පැවැත්වීය.
ජවිපෙ එක්සත් රාජධානියේ සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි සම්මන්ත්‍රණය මෙහෙයවීය.




COMMENTS
මහ පොලවේ සහ අන්තර් ජාලයේ දේශපාලනය. (ර)
මොවුන්ගේ උත්සාහය ඇගයිය යුතුයි. ශ්‍රී ලංකාවේ සිට අන්තර්ජාලය ඔස්සේ මේ දේශනය පැවැත්වුයේ එහි නායක අනුර කුමාර දිසානායක නම්, තුන් වෙනි පේලියේ දකුණු කොනේ වාඩිවී සිටින පුද්ගලයාට මේ අන්දමට නින්ද යන්නේ නැත.(නදී)
ජයවේවා..!! රටට ඉතිරිව ඇති එකම විකල්පය ජේවීපී විපක්ෂයක් හැදීමයි. ඊට අපගේ සහය. (ර)
ජයවේවා..!! රටට ඉතිරිව ඇති එකම විකල්පය ජේවීපී (ම)
මහේෂ් ඔබ දරුණු වැඩියි. ජ.වී.පෙ අයට වඩා ඔබ යමක් රට වෙනුවෙන් කර ඇත්නම් පමණක් මම ඔබ සමග එකඟ වෙමි. නැත්නම් ඔවුන්ගේ පාඩුවේ ඔවුන් යන ගමන කරගෙන යන්න ඉඩ දෙන්න.(නදී)
රට නිවැරදි දිසාවකට ගමන් කරවීම සඳහා ජවිපේ ට වැඩි බලයක් දෙමු (ම)
හොද දේශනයක් වෙන්න ඇති එ්කයි පස්සෙම පේලියේ ඉන්න සහෝදරය කට කපල බුදියන්නේ. ජවිපේ දේශනා සටන්පාඨ විතරයි රටක් පාලනය කරන්න ශක්තියක් ජවයක් නෑ. කොන්දක් නැ. හොදම උදාහරණය සෝමවංස සහෝදරයා.. ඔය ඉන්නේ හත්පොලේ ගාගෙන..මෙයාලත් එසේමය. (බ)