ඉඩකඩ නොමැති කම නිසාවෙන් බිත්ති 3 කට සීමා වූ නිවාසයක ජීවත් වන පිරිසක් ගැන වාර්තා වන්නේ චීනයෙනි.
චීනයේ ෂැන්ග්හයි නගරයේ පිහිටා ඇති මේ ත්‍රිකෝණාකාර මහල් නිවාසය යන්තම් අඩි ගණනක පළලකින් යුක්තය.ඇතැම් නිවාසවල පුටුවක්වත් පවා තබා ගැනීමට ඉඩ නැත.
මෙනිසා තම තමන්ගේ සදලූ තල බිත්තියෙන් පිටතට නෙරා එන සේ සකස් කර ගැනීමට ඇතැම් නිවැසියන් පුරුදුව සිටී.
කාර්යබහුල හා ඉඩකඩ ඇහිරී ඇති ෂැන්ග්හයි නගරයේ මෙසේ හෝ නිවසක පදිංචි වී සිටීමට අවස්ථාව ලැබී තිබීම වාසනාවකැයි ඔවුන්ගේ අදහසයි.
COMMENTS
ඉන්දු, ඔයා නගර බද ගැන කියනවා, මම නම් අපේ රටේ (ලංකාවේ) බොහොම ඇවිදලා තියෙනවා. නගර බද මිනිසුන්ට හිගාකන්න වත් කවුරුහරි ඉන්නවා. අපේ ලංකාවේ කොයි තරම් අසරණ මිනිස්සු ඉන්නවද කියනවා නම් ඉස්කෝලේ කාලේට කැලේ මැදින් සැතපුම් හත අටක් පයින් යන්න ඕනේ. නැති බැරි කමට යමක් ඉල්ලන්න නම් කිලෝමීටර් 20ක් 25ක් යන්න ඕනේ. ඉතින් එතනින් එහා තවත් මොන කතාද? ඔය ගොල්ලන්ටත් පුලුවන්නම් අන්න ඒ වගේ අසරණයෝ ඉන්න පැතිවලට ඔයාලගේ පරණ ඇදුම් ටික හරි ගෙනිහින් දුන්නොත් ඒකත් මහා පිනක්.(නදී)
අපේ රටේ මීට වඩා දුක් විඳන මිනිස්සු ඉන්නවා නගරබදව.. ආදායමේ සහ සම්පත් බෙදී යාමේ විෂමතාවයේ ප්‍රතිඵල තමයි. ඒත් තමන්ගේ ලැබීම සහ මහන්සිය අනුව තමයි සේරම රඳා පවතින්නේ. (ස)
අසෝකා අපිටවත් කන්න නැතුව තව කාටද දෙන්න කියන්නේ (දිල්)
අසෝකා ,ඡන්ද කාලෙට කිලෝ මීටර් 20 ගෙවාගෙන ඔයා කියන කැලේ පාරවල් වලින් කට්ටිය එන්නේ. ඒ අය හැමදාම කළේ, කරන්නේ පොරොන්දු දීලා රවවන එක. ඇයි එයාලට ඔයා කියන දේවල් කරන්න බැරි? (නි)
අපි ඊටත් වැඩිය දුක් වෙනවා මහත්තයෝ... (ස)