ජලකර වායුවෙන් ජව ගැන්වෙන මෝටර් රථයක් 2016 වසරේ මාර්තු මාසයේදී වෙළදපොළට නිකුත් කිරීමට ජපානයේ හොන්ඩා මෝටර් රථ සමාගම සැළසුම් කර ඇත.
එය ජලකර වායු මෝටර් රථ වල පළමු වෙළදපොල ආගමනය වනු ඇති අතර හොන්ඩා සමාගමේ ආරංචි මාර්ග වලට අනුව මුලින්ම ජපානයේත් අනතුරුව යුරෝපයේ හා ඇමරිකාවේත් පාරිභෝගිකයින්ට මෙම මොටර් රථය මිලදී ගැනීමට අවැසි පහසුකම් ඇති කිරීමට නියමිතය.
ටොයෝටා,බීඑම්ඩබ්ලියු,බෙන්ස්,අවුඩි වැනි මෝටර් රථ සමාගම්ද ජලකර වායුවෙන් ජවගැන්වෙන මෝටර් රථ සම්බන්ධයෙන් පර්යේෂණ කරමින් සිටින අතර එම මෝටර් රථද තවත් නොබෝ දිනකින්ම වෙළදපොලට පැමිණෙනු ඇතැයි පැවසේ.
මෝටර් රථ විශේෂඥයින්ට අනුව බොහෝමයක් මෝටර් රථ සමාගම් ජලකර වායුවට වැඩි තැනක් දී කටයුතු කරන සෙයක් පෙනෙන්නට ඇත.
ජලකර වායුවෙන් ජවගැන්වෙන මෝටර් රථයක සිදුවන්නේ ජලකර වායුව හෙවත් හයිඩ‍්‍රජන් ඉන්ධන කෝෂ ලෙස හැදින්වෙන විශේෂ ශක්ති ජනක ඒකකයන් වෙත යොමුකරවා ඒවා ආධාරයෙන් විදුලිය ජනනය කරවීමයි.එම විදුලිය යොදාගෙන මෝටර් රථයේ රෝදවලට සවිකර ඇති මෝටර බලගන්වා රථය ධාවනය කෙරේ.
මෙම කි‍්‍රයාවලියේ එකම අතුරුඵලය ලෙස නිපදවෙන්නේ ජලයයි.එනිසා මෙය අතිශයින්ම පරිසර හිතකාමිී ශක්ති ජනන කි‍්‍රයාවලියකි.
නමුත් ගැටලූව වී ඇත්තේ හයිඩ‍්‍රජන් සපයා ගැනීමයි.පිරිසිදු හයිඩ‍්‍රජන් ස්වභාවිකව සොයාගැනීමට අපහසු අතර එනිසා මීතේන් වැනි වායූන් බිද හෙළා හයිඩ‍්‍රජන් අණු වෙන්කර ගැනීමට සිදුවේ.එය වියදම් අධිකය.
එසේවුවත් දිගුකාලීන ප‍්‍රතිලාභයන් දෙස බැලීමේදී දැරීමට සිදුවන මූලික පිරිවැය අනාගතයට කරන ඉතිරියක් ලෙස සැළකිය හැකි බව විද්‍යාඥයින්ගේ අදහසයි.


COMMENTS
ලංකාවේ අපේ මිනිහා අමතක කරලා ඉන්න එක නම් හරිම දුකයි. වත්තල කීර්ති වගේ මිනිස්සුන්ට අත දෙන්න කව්රුත් නැති අපේ රටේ හැටි. කීර්ති ඔබට ජය (නදී)
ජයත් කියන කතාව හරියටම හරි. මේ වගේ පරිසර හිතකාමී ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන්නේ බොහෝම මන්දගාමීව. (නි)
හොඳම ක්‍රමය සුර්ය ශක්තිය යොදා ගන්න එක. කිසිම වියදමක් නැත. පරිසර දුෂනයක් නැත. මොබයිල් දුරකතනයක් යොදා ගත්තොත් චාජ් නොකර හැමදාම පාවිච්චි කරන්න පුළුවන්.(නදී)
අපිටත් මේ ගැන අනාගතයේදී සළකා බලන්න පුළුවන් වෙයි (නි)
ලංකාවේ නව සොයා ගැනීම් අවශ්‍ය නම් පළමුව කලයුත්තේ ලංකා අධ්‍යාපනයට විද්‍යාව අනීවාර්ය කිරීමයි. සෑම විදුහලකටම ක්‍රමනුකුලව සැකසු විද්‍යා අධ්‍යාපනයක් අවශයයි (නදී)
අපිත් උත්සාහ කර බලන්න ඕනෑ. දැන්ම ඉඳලම අසුභවාදී වෙන එක එච්චර සුබ නැහැ (නි)
පරිසරයට හිතකරයි කියලා මේ මොනවා ආවත් අපේ රටේ මේවා ගන්නේ නැහැ .කාලයකට ඉහතදී ගෑස් පරිවර්තනය ආවා . එකට කිසිම රාජ්‍ය අනුග්‍රහයක් තිබුනේ නැහැ .එක පරිසර හිත කාමියි .එක එහෙමම වැළලිලා ගියා .දැන් දෙමුහුන් වාහන එනවා .හරි නම් කරන්න ඕන ඒවායේ තීරුබදු අඩු කරන එක .ඒක පරිසරයටත් හොඳයි .තෙල් වලට යන සල්ලිත් ටිකක් හරි ඉතුරු වෙනවා .නමුත් මේ රටේ ඒවගේ දේවල් වෙන්නේ නැහැ .(හේ)
ලංකාවේ නව සොයා ගැනීම් අවශ්‍යනම් පළමුව කලයුත්තේ ලංකා අද්‍යාපනයට විද්‍යාව අනීවාර්ය කිරීමයි. සෑම විදුහලකටම ක්‍රමනුකුලව සැකසු විද්‍යා අද්‍යාපනය. (ර)
සූර්ය ශක්තිය යොදාගන්න පුළුවන් නම් හුඟක්ම හොඳ තමයි (නි)