වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
 
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විවෘත කිරීම  ඊශ්‍රායලයට ශ්‍රේෂ්ඨ දිනයක් යැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැවසීය. 

 
ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමේ උත්සවය ආරම්භ වූ සැණින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කළේය. 
 
මෙම උත්සවය සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා ට්‍රම්ප්, ඇගේ සැමියා   වන ජෙරාඩ් කුෂ්නර් සහ ධවල මන්දිර නිලධාරීන් ඊශ්‍රායලයට පැමිණීමත් සමඟ ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ ගැටුම් උත්සන්න විය.
 
ඊශ්‍රායල ආරක්ෂක අංශ සහ පලස්තීන වැසියන් අතර සිදු වූ ගැටුම්වලින් 50කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි ද 800කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශ  ආරංචි මාර්ග සඳහන් කළේය. 
 
ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 6 වැනිදා නිවේදනය කළ අතර තෙල් අවිව් නුවර පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන යන බව ද කීවේය. 
 
055