ඉන්දියාවේ චෙන්නායිහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමතිනී ජයලලිතා මහත්මියට හදිසි හෘදයාබාධ තත්ත්වයක් වැළඳී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මේ බව ආරංචි වු ඇගේ ආධාරකරුවන් ඇය ප්‍රතිකාර ලබන චෙන්නායිහි රෝහල වටා දහස් ගණනින් එක්රැස් වී සිටින අතර විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති බව වාර්තා වේ. මහ ඇමැතිනිය මාස ගණනක සිට දැඩි ලෙස රෝගාතුරව සිටින අතර ඇය අවසන් වරට මහජනතාව හමුවේ පෙනී සිටියේ පසුගිය සැප්තැම්බර් මාසයේය.
ඇය මාස ගණනක් රොහල්ගතව සිටියද ඇගේ රෝගී තත්ත්වය ගැන මේ වනතෙක් නිසි පැහැදිලි කිරීමක් සිදු නොවීය.ඒ හේතුවෙන් මේ බව වාර්තා වීමත් සමග පාක්ෂිකයෝ කලබල වී සිටිති.
(ඡායාරූප-ඒ.එෆ්.පී/ඉම්රාන් කුරේෂි)



COMMENTS
දෙවියන්ට කියන්න ඕන නැහැ ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන්න. හොඳ පේනවා ඇතිනේ මොනවා ද වෙන්නේ කියල. (ම)
එයා අපිට නොයෙක් තර්ජන ගර්ජන කළත්, "වෙනත් අය වගේ නොවෙයි, එකහෙළාම තම වර්ගයා ගැන බලපු, පෙනීසිටි බලවත් දේශ පාලිකාවක්. කිසිම කෙනෙකුට ඔලුව නැමුවේ නැහැ. අපට වැරදි කළත් ඉක්මනින් සුවය ලැබේවා! මොනවා වුණත් ජීවිතයක්නේ. (නි)
ඉන්දියාවේ අලුතින් නෝට්ටු නිසා පරණ මුදල් වලට වටිනාකමක් නැති වුණා.මහ ඇමැතිනී ජයලලිතා මහත්මිය සතු කන්ටේනර් 3 ක මුදල් වලට වටිනා කමක් නැති වුණා.ඉන්දියාවේ ප්‍රකෝටිපතියන් විශාල පිරිසකට හදිසි හෘදයාබාධ නිසා ප්‍රතිකාර ගන්න සිද්ද වුණා.කිහිප දෙනෙක් මරුණා (ම)
කවුරු වුනත් මනුස්සයෙක්නේ ඉක්මන් සුවට පතනවා (ර)
කෙසේ කොහොම වුනත් ජිවිතයක්නේ ඉක්මන් සුව (ර)
අපේ රටට කරපු දේවල් මතක් වෙනකොට මොනවා කියන්නද මන්ද.(ම)
ඉක්මන් සුව පතමු (ර)
ඇය ඉතාමත් අසාද්‍ය තත්වයක ඉන්න බව තමයි පෙනෙන්නට තියෙන්නේ.කර්ණාටක සිට තමිල්නාඩුවට එන ප්‍රවාහන සේවා පවා අත්හිටවූ බව තමයි පැවසෙන්නේ...ජීවිතයේ අවසානයට ලංවෙමින් සිටින ඇයට සැනසීමක් අත් වේවා.! (බ)
ඉක්මන් සුවය ලැබේවා .බැරිමනම් මෙහාට ගෙන්න .ඇන්ජියෝ ග්‍රෑම් එකක් කරලා බලන්න කිරීටක දමනි හිරවෙලාද කියල අත්දුටුවයි ! සත්තයි ! වළ පල්ලේ ! (බ)
ඉක්මනින්ම සුවය ලබලා ලංකාවේ ඊලමක් පිහිටුවන්න දෙමළුන්ට උදව්වෙන්න (බ)
ඉක්මන් සුවය ලැබේවා ! (බ)