ජැමෙයිකාවේ රික්ටර් මාපක 7.7ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තා වේ.
කැරීබියන් මුහුදු සීමාවේ, ජැමෙයිකාවත්, කියුබාවේ උතුරු ප්‍රදේශයත්, කේමන් දූපත් අතරත් ප්‍රදේශයට මෙම භූ කම්පන තත්වය බලපා ඇත.
ජැමෙයිකාවේ උතුරු පෙදෙසෙහි කිලෝමීටර් 125ක් පමණ දුරකට මෙය පැතිර තිබිණි.
භූකම්පනයෙන් පසුකම්පන ගණනක් ද ඇති වී තිබේ. එක් පසුකම්පනයක් රික්ටර් මාපක 6.1ක අගය වාර්තා කර තිබේ.
භූකම්පනයත් සමඟ බලධාරීන් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති නමුත් එය අවම මට්ටමේ පවතින බවද පැවසේ.
බියට පත් වූ මිනිසුන් ගොඩනැගිලිවලින් පිටතට දිව ගිය බවද, ඇතැම් පිරිස් මේස යටට වී සිටි බවද වාර්තා වේ.
හානියට පත්වූ පිරිස සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැති අතර හානි වූ ගොඩනැගිලි සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අනාවරණය වී නොමැත.
(සී එන් එන් ඇසුරිනි)
16844


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd