පාරිභෝගික බදු වැඩි කිරීමට ජපන් රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් එරට ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු 50 දෙනෙක් පෙරේදා (2) ඉල්ලා අස්වූහ.
ඉල්ලා අස්වූ එම මන්තී‍්‍ර කණ්ඩායමේ නායකයා ඉචිරෝ ඔසාවාය. ඔහු පවසා ඇත්තේ තමන් අලූතින් දේශපාලන පක්ෂයක් පිහිටුවන බවය.
ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වූ මන්තී‍්‍රවරුන්ගෙන් 38 දෙනකු පාර්ලිමේන්තුවේ පහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වන අතර ඉතිරි 12 දෙනා ඉහළ මන්තී‍්‍ර මණ්ඩලයේ මන්තී‍්‍රවරුන් වෙති.
මෙම පිරිස අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ තවත් මන්තී‍්‍රවරුන් කිහිප දෙනකු ද රජයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
මන්තී‍්‍රවරු පිරිස තම ඉල්ලා අස්වීමේ ලිපි ජපන් අගමැති යොෂිහිකෝ නෝඩාට බාර දුන්හ. මන්තී‍්‍රවරුන් ඉවත් වීමෙන් පසුව ද ආණ්ඩු පක්ෂය සතුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති හෙයින් රජය බිඳ වැටීමේ අවදානමක් නැතැයි වාර්තා වේ.
1
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ
COMMENTS
අන්න ජපනගේ ගතිය.....ඕවා කොහෙද ලංකාවේ....
මගේ අයනම් එලෙව්වත් යන්නේ නෑ......
රටට ආදරේ කරන මහත්මාගති ඇති දේශපාලඥයෝ.දැක්කත් හිතට සුවයක්..ඒකටත් එක්ක අපේ අය.....