ජපානයේ ඊසාන සහ නැගෙනහිර ප‍්‍රදේශ ඊයේ (01) රික්ටර් මාපකයේ ප‍්‍රබලත්වය ඒකක 7.0ක් සටහන් කළ භූමි කම්පාවකින් දෙදරා ගිය අතර මේ වන විට කිසිවකුටත් අනතුරක් සිදුව නොමැති බවත් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු නොකළ බවත් වාර්තා වේ. මධ්‍යම ටෝකියෝව, ෆුකුෂිමා සහ අවට ප‍්‍රදේශ භූකම්පනයේ බලපෑමට ලක්ව ඇත. භූ කම්පනයෙන් අනතුරුව උතුරු ජපානයේ අධිවේගී දුම්රිය ගමන් තාවකාලිකව නවතා දමා ඇති බව ද වාර්තා වේ. දකුණු ජපානයේ ඉසු දුපත්වලට සැතපුම් 217 ඔබ්බෙන් පිහිටි ස්ථානයක භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා ඇති බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙයි. ජපානයට භූ කම්පන ඇති වීම දුලබ තත්ත්වයක් නොවේ. ලොව සිදුවන රික්ටර් පරිමාණය ඒකක 6ට වැඩි භූ කම්පනවලින් සියයට 20ක් සිදු වන්නේ ජපානයේය. මෑත කාලයේ සිදු වූ රික්ටර් මාපක අගය ඒකක 9ක් සටහන් කළ දරුණුතම භූ කම්පනය පසුගිය වසරේ මාර්තු මාසයේ දී ජපානය සසල කළේය.
2025 දෙසැම්බර් මස 30
81
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජපානයේ භූමිකම්පාවක් : සුනාමි අනතුරක් නෑ