IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය වාර්තා වෙයි

ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය ඊයේ(13) ටෝකියෝවට බටහිරින් පිහිටි කනගාවා ප්‍රාන්තයෙන් වාර්තා විය. 

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ 80 හැවිරිදි කාන්තාව රෝහල් කිහිපයකට මාරුකර ඇති අතර ඇයගේ මරණයෙන් පසු ඇයට කොරෝනා වයිරසය වැළඳී තිබූ බව තහවුරු කරගෙන ඇත.

මෙම මරණයත් සමඟ මේ වන විට චීනයෙන් පිටත කොරෝනා වයිරසයෙන් රෝගීන් තිදෙනකු මරණයට පත්වී තිබෙන අතර එක් අයෙකු හොංකොංහි සහ තවත් අයෙකු පිලිපීනයේ මියගොස් ඇත.

චීනයෙන් පිටත ලෝකයේ රටවල් 24 කින් රෝගීන් 450 දෙනකුට වයිරසය  වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇත.

ජපානයේ 33දෙනකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇති අතර එහි වරායක නවත්වා තිබෙන නෞකාවක රෝගීන් 218දෙනකු සිටින බව සඳහන් වේ.

ජපානයේ බටහිර වකයාමාහි වෛද්‍යවරයෙකුට ද රෝගය වැළඳී ඇතැයි තහවුරු කරගෙන ඇත.

පළමු මරණය වාර්තා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පළාත් පාලන ආයතන සමග සම්බන්ධ වී පරීක්ෂණ ක්‍රියාදාමයන් හා රෝගීන්ට ප්‍රතිකාර කිරීම පුළුල් කරන බවයි.

කෙසේවුවද ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ කොරෝනා වයිරසය ජපානය තුළ බහුලව ව්‍යාප්ත වී ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවයි.

 (රොයිටර් පුවත් ඇසුරිණි - 085) 

 



අදහස් (0)

ජපානයේ පළමු කොරෝනා වයිරස මරණය වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31155 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13293 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site