ජපානයේ සගමිහාරා හි මානසික ආබාධිතයන් රැක බලාගන්නා නිවසකට පැමිණි පුද්ගලයකු පිහියෙන් ඇනීම හේතුවෙන් 19 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.
එහි පැරණි සේවකයකු පිහි පහර එල්ල කර ඇතැයි ද තුවාල ලැබූවන් ගණන 26ක් බවද කියති. එයින් 20 දෙනකුගේ තත්ත්වය බරපතල බවද කියති. මෙය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයේ සිදුවූ දරුණුතම සමූල ඝාතනය බව එරට මාධ්‍ය වාර්තා කියයි.
ප්‍රහාරයට පැමිණි හිටපු සේවක සතෝෂි උයිමට්සු (26) පොලිසියට බාරවී ඇති අතර ඔහු පවසා ඇත්තේ ආබාධිත පුද්ගලයන් නැති කිරීමට ඔහුට වුවමනා වූ බවයි.
පිහි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එහි නේවාසිකයන් 160 දෙනකු පමණ සිට ඇතැයි ද කාර්ය මණ්ඩලයේ අට දෙනකු සිටි බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද මිනිසුන් මෙතරම් දරුණු උනේ... (ර)
ඔතන ලොකු ප්‍රශ්නයක් තිබෙනවා . ඔය එක ආබාධිත පුද්ගලයෙක් වෙනුවෙන් ජපන් රජය මාසයකට ලොකු වියදමක් දරනවා . කොටින්ම කියනවා නම් ආබාධිත පුද්ගලයන් 10 දෙනෙක් බලාගන්නා සේවකයෙකුට පඩිය විදියට ලැබෙන්නේ එක ආබාධිතයෙකුට වියදම් කරන මුදලටත් වඩා අඩු මුදලක් (බ)