IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි

රෙස්ලිං තරුවක් මෙන්ම, ජනප්‍රිය හොලිවුඩ් නළුවකු ද වන ජෝන් සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සීනාට චීනයෙන් සමාව ගැනීමට සිදුවූයේ, ඔහු තායිවානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශකයට චීනය උරණ වූ බැවිනි.

තිරගතවීම් ආරම්භ කළ හොලිවුඩ් අධ්‍යක්ෂ ජස්ටින් ලින්ගේ 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9' චිත්‍රපටයට ජෝන් සීනා ද එක් වී සිටී. සීනා තායිවාන දූපත රටක් ලෙස හඳුන්වා ඇත්තේ, චිත්‍රපටයේ ප්‍රචාරක වීඩියෝවකට එක් වෙමිනි.

සීනා තායිවානය ගැන කතා කළේ ලින්ගේ 'ෆාස්ට් ඇන්ඩ් ද ෆියුරියස් 9' අධ්‍යක්ෂ ජස්ටින් ලින් උපත ලබා ඇත්තේ තායිවානයේ තායිපේ නුවරදී බැවිනි. චීන රජයෙත් සහ චීන වැසියන්ගෙන් අප්‍රසාදයත් විරෝධයත් එල්ල වෙද්දී, සීනා සිය වෙයිබෝ ගිණුම හරහා වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් සමාව ඉල්ලුවේ මැන්ඩරීන් බසිනි. චීන ජාතිකයන් කතා කරන්නේ මැන්ඩරීන් වන අතර, ජෝන් සීනා ට මැන්ඩරීන් බස හොඳින් පුළුවන්ය.

'මට ලොකු වැරදීමක් වුණා. මම ඒක දැන් නිවැරදි කරනවා. එසේ කිරීම ඉතාමත් වැදගත්. මම චීනයටත් චීන වැසියන්ටත් ආදරෙයි. ගරු කරනවා.' යැයි සීනා මැන්ඩරීන් බසින් සමාව ඉල්ලා ඇත.

කෙසේ නමුත්, තමන් සමාව ඉල්ලන්නේ තායිවානය සම්බන්ධයෙන් යැයි සමාව ඉල්ලද්දී සීනා කිසිවක් පවසන්නේ නැත. එය ද චීන වැසියන්ගේ විරෝධයට හේතුවක් වී ඇත.

ජෝන් සීනා චීනය ගැනත්, චීනය සහ තායිවානය අතර පවතින අර්බුදය ගැනත් අවබෝධයක් ඇති අයකු බවත්, ඔහු තායිවානය රටක් යැයි පැවැසීම අනුමත කළ නොහැකි බවත් චීන වැසියෝ යළිත් අවධාරණය කර තිබේ.

තායිවානය චීනය ආසන්නයේ පිහිටි දූපතකි. අතීතයේ තායිවානය චීනයට අයත් කොටසක් විය. කෙසේ නමුත් මේ වනවිට තයිවානය චීන පාලනයෙන් මිදී වෙනම පාලනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. එසේ වුවත්, චීනය තවමත් තායිවානය සලකන්නේ චීනයේ කොටසක් ලෙසය. තායිවානය විදෙස් සබඳතා ඇති කර ගැනීම, විදෙස් ආයෝජන ලබා ගැනීම චීනයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත. චීනයේ ඉල්ලීමට රටවල් බොහොමයක් තායිවානය සමඟ වෙළෙඳ සබඳතා පවා පවත්වන්නේ නැත.

(රොයිටර්)



අදහස් (0)

ජෝන් සීනා චීනයෙන් සමාව ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 639 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site