IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජනපති මොර්සිගේ ආධාරකරුවෝ විරෝධතාකරුවන් සමඟ ගැටෙති

බලයෙන් නෙරපූ ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සිගේ ආධාරකරුවන් සහ මොර්සි විරෝධීන් අතර ඊයේ (7) කයිරෝ අගනුවර හටගත් දරුණු ගැටුම්වලින් 45 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර, 1,200 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.


කලහකාරීව හැසිරෙමින්, ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කළ එම පිරිස් පළවා හැරීමට හමුදාව සහ පොලිසිය උත්සාහ කළ නමුත් එය අසාර්ථක විය. පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර එල්ල කළ බව ද වාර්තා විය.


2010 වසරේ සිදුවුණු අරාබි වසන්තයෙන් පසු, වසර ගණනාවක් ජනපති ධුරයේ කටයුතු කළ හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමත් සමඟ, ඊජිප්තුවේ පවත්වන ලද ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍ර මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂය නියෝජනය කළ මොර්සිය. ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනපතිවරයා වූයේ ද මොර්සිය. මොර්සි විරෝධීන් සමඟ ගැටුම් ඇති කරගන්නේ ඊජිප්තුවේ වෙසෙන ඉස්ලාමීය අන්තවාදීන් යැයි පාලන බලයේ සිටින හමුදාව පවසයි. ඔවුහු ඊජිප්තුවේ වෙසෙන කොප්ටික් කි‍්‍රස්තියානුවන්ට පහර දෙන බවට ද පුවත් වාර්තා විය.


මොර්සි බලයෙන් නෙරපා දැමීමට හමුදාව කටයුතු කිරීමත් සමඟ, ඔහුගේ මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ ලක්ෂ ගණනක් ආධාරකරුවෝ කයිරෝ, ඇලෙක්සැන්ඩි‍්‍රයා සහ ඊජිප්තුවේ සෙසු ප‍්‍රධාන නගරවලට රැස්වී මොර්සි විරෝධීන් සමඟ ගැටුම් ඇති කරගත් බව ඊජිප්තු පුවත් සේවා වැඩි දුරටත් කියා සිටියේය.
මොර්සිට එරෙහි විරෝධතා සංවිධානය කරන්නේ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. මොර්සි බලයෙන් ඉවත් විය යුතු යැයි පවසමින් ඉකුත් සතියේ ලක්ෂ දෙකකට වැඩි විරෝධතා කරුවන් පිරිසක් කයිරෝ නුවරට එක් රැුස් කළේ ද එම විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය.


හමුදා කුමන්ත‍්‍රණයෙන් පසු මොර්සි සහ ඔහුගේ රජයේ ජ්‍යෙෂ්ඨයන් මෙන්ම මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායකයන් කිහිප දෙනකු ඇතුළු තවත් 300 ක් දෙනා හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර මේ වනවිට එම පිරිස  නිවාස අඩස්සියට පත් කරනු ලැබ සිටිති.


ජනපති මොර්සිට එරෙහි විරෝධතා ඇරඹුණේ ඉකුත් සති අන්තයේය. ඒ, ඔහු ජනපති ධුරයට පත් වී වසරක් ගත වෙද්දී ය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් චෝදනා කළේ බලය බෙදා ගැනීමට මොර්සි සහ ඔහුගේ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂය අපොහොසත් වී ඇති බවත් දිනෙන් දින ජනතාව පීඩාවට පත් කරන අන්දමේ තීරණ ගන්නා බවත්ය.



අදහස් (0)

ජනපති මොර්සිගේ ආධාරකරුවෝ විරෝධතාකරුවන් සමඟ ගැටෙති

කුරුවිට Monday, 08 July 2013 03:18 PM

දැන් කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Monday, 08 July 2013 09:31 PM

කව්රු ජනාධිපති වුණත් මේ මිනිස්සු හැදෙන පාටක් නැහැ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30956 33


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13087 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10935 30


මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 864 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 257 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 905 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site