ලබන වසරේ රුසියාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව රුසියාවේ ප‍්‍රකෝටිපති ව්‍යාපාරියෙක් වන මිහායිල් ප්‍රොකෝරෝව් පවසයි.දූෂිත මැතිවරණයක් පැවැත්වූ බවට චෝදනා එල්ල වී ජනතා අප‍්‍රසාදයට පත්ව සිටින රුසියා අගමැති ව්ලැඩිමීර් පුටින්ට අභියෝග කිරීමට ප්‍රොකෝරෝව්ට හැකියාව ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.ඉකුත් 4 වැනිදා රුසියාවේ පැවැත්වුණු මහ මැතිවරණය දූෂිත බවට රුසියානු වැසියෝ චෝදනා කරති. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළේ ජනාධිපති මෙඞ්වදේව් සහ අගමැති ව්ලැඩිමීර් පුටින්ගේ ‘එක්සත් රුසියා’ පක්ෂයයි. මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ද එක්සත් රුසියා පක්ෂයට බහුතර බලය හිමිකර ගැනීමට නොහැකි විය.එම මැතිවරණය පැවැත්වූයේ ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වෙන රුසියා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුටින්ගේ සහ ‘එක්සත් රුසියා’ පක්ෂයේ ජනපි‍්‍රයත්වය උරගා බැලීමක් හැටියටය.මහ මැතිවරණය දූෂිතැයි එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් චෝදනා කිරීමත් සමඟ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට රුසියා ජනාධිපති දිමිති‍්‍ර මෙඞ්වදේව් තීරණය කරඇත.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS