IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් 3දෙනෙකු ගුවන්ගත වෙයි

සොයුස් රොකට්ටුවෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් තිදෙනකු අද සාර්ථකව ගුවන්ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් රැගෙන ගිය යානයේ ඇති වූ දෝශයක් හේතුවෙන් හදිසි ගොඩබෑමකට ලක්කිරීමෙන් පසු මෙම ගමන සැලසුම් කෙරිණි.

රුසියාව, ඇමරිකාව හා කැනඩාව නියෝජනය කරමින් මෙම ගගනගාමීන් තිදෙනා කසකස්ථානයෙන් ගුවන්ගත විය.

“අවදානම අපේ වෘත්තියේ අංගයක්, අප මානසිකවත් තාක්ෂණිකවත් මෙම ගුවන් ගතවීමට සූදානම්, එළඹෙන ඕනෑම තත්ත්වයක් අප බාරගන්නවා“ යැයි ගුවන්ගත වීමට පෙර මාධ්‍ය හමුවේ ගගනගාමීහු පවසා සිටියහ.

මෙම චාරිකාව දෙසැම්බර් අවසානයට සැලසුම් කර තිබූ නමුත් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටි ගගනගාමීන් පෘථිවියට පැමිණීමත් සමඟ එය මිනිසුන් රහිත කළාපයක් බවට පත්වීමේ අවදානමක් මතු වූ හෙයින් වේලාසන ගුවන්ගත කිරීමට සිදුවූ බව බලධාරීහු පවසති.

(බීබීසී ඇසුරිනි - 085)

 



අදහස් (1)

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් 3දෙනෙකු ගුවන්ගත වෙයි

minisa Tuesday, 04 December 2018 08:28 AM

අයියනායක දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් ලෙඩක් දුකක් කරදරයක් නොවී මහපොළවේ පය ගහන්ට ලැබේවා!

:       6       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site