තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් විය යුතු බවත් ඒ සම්බන්ධයෙන්, තමන්ගේ සහාය තායිවානයට හිමිවනු ඇති බවත් ඇමෙරිකාව ප්‍රකාශ කිරීමත් සමඟ චීනයෙන් ඊට දැඩි විරෝධයක් එල්ල විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් වීමට තායිවානයට කිසිදු අයිතියක් නොමැති බව චීනය පෙන්වා දී ඇත.
තායිවානය යනු චීනය අසල දූපත් රාජ්‍යයකි. වර්තමානයේ වෙනම පාලනයක් පැවැතියත් චීනය තවමත් විශ්වාස කරන්නේ තායිවානය චීනයේ කොටසක් බවය. තායිවානය චීනයට යළි එක් කර ගැනීමට ද චීන රජය බලාපොරොත්තු වෙයි.
අතීතයේ, එනම් 1971 ඔක්තෝබර් 25 වැනිදා වනතුරු තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හරහා නියෝජනය කරන්න වූයේ චීනයයි. 1949 වසරේ සිවිල් යුද්ධය සහ දේශපාලනික වශයෙන් සිදුවුණු බෙදීම මුල්කොට ගනිමින් තායිවානය හුදෙකලා විය. ඒ සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සබඳතා ද බිඳ වැටුණි. ඉන්පසු අවස්ථා ගණනාවකදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සම්බන්ධ වීමට තායිවාන බලධාරීන් උත්සාහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක විය.
'එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයන් වන්නේ ස්වෛරී රාජ්‍යයන් පමණයි. තායිවානය ස්වෛරී රාජ්‍යයක් නොවෙයි. තායිවානය අයිති චීනයටයි. ඒ නිසා එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ඉල්ලන්න තායිවානයට කිසිදු අයිතියක් නැහැ' යැයි චීනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
'තායිවානය චීනයෙන් එල්ල වන බලපෑම් හේතුවෙන් ලොවෙන් හුදෙකලා වී තිබෙනවා. තායිවානය විදෙස් සබඳතා ඇති කර ගැනීම සම්බන්ධයෙන් චීනය දක්වන්නේ දැඩි විරෝධයක්. තායිවානය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක් වුවහොත් එය දේශපාලනික වශයෙන් සිදුවන ක්‍රියාදාමයක් නොවනු ඇත. ඒ නිසා ඇමෙරිකාව සෙසු එක්සත් ජාතීන්ගේ සාමාජිකන රටවලින් ද ඉල්ලා සිටිනවා තායිවානය වෙනුවෙන් සහාය පළ කරන්න.'' යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අවධාරණය කර තිබේ.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජගත් සංවිධානයට එක්වෙන්න තායිවානයට අයිතියක් නෑ