චිලී රටේ උතුරු ප්‍රදේශයේ හා පේරු රාජ්‍යයේ වෙරළ තීරයන්හි මියගිය මුහුදු සිංහ පැටවුන් සිය ගණනක් ගොඩ ගසා ඇතැයි මුහුදු ගවේෂකයෝ කියති. මේ බොහෝ දෙනා අලුත ඉපදුණු පැටවුන් බව ද ඔවුහු කියති. මොවුන්ගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. පසුගිය මාස තුනක කාලයේ දී විටින් විට මෙලෙස මියගිය සතුන් වෙරළට ගොඩගසා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහාචාර්ය කාලෝස් ගුවේරා ක්වේරා පවසන්නේ මුහුදු සිංහයන්ගේ ආහාර ප්‍රභවයන් එල්නිනෝ තත්ත්වයන් හේතුවෙන් බිඳවැටීමත් විශාල වශයෙන් මසුන් ඇල්ලීමත් මොවුන්ගේ මරණයට හේතුවන්නට ඇති බවයි.
ඔහු පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ දකුණු ඇමෙරිකානු මුහුදු සිංහ විශේෂයේ පැටවුන් බවයි. ඇතැම් පැටවුන්ගේ සිරුරේ වැදෑමහ සහ පෙකණි වැල පවා දක්නට ඇතැයි පර්යේෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක් (නි)