IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


චීන සහ ඇමෙරිකා හමුදා සුව සේවා හුවමාරු සම්මේලනයක්

සියැන්හිදීය (රොයිටර්)

චීන සහ ඇමෙරිකා එක්සත් ජනපද හමුදා එක්ව සංවිධානය කරන කලාපීය යුද හමුදාවල සුව සේවා හුවමාරු සම්මේලනයක් අද (17) ආරම්භ විය. 

මෙම සම්මේලනයට චීන යුද හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයකු සහභාගී වූ අතර ඇමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධයක් ඇති වී තිබෙන මොහොත සහ දකුණු චීන මුහුද සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් තිබෙන මොහොතක චීන ජෙනරාල්වරයා මෙලෙස මෙම සම්මේලනයට සහභාගී විය. 

ආසියා ශාන්තිකර හමුදා සුව සේවා හුවමාරුව යනුවෙන් මෙම සම්මේලනය පැවැත්වෙයි. මෙම සම්මේලනය බටහිර චීනයේ නගරයක් වන සියැන්හිදි පැවැත්වෙයි. සියැන් නගරය ටෙරාකෝටා හමුදාවල නිජබිම ලෙසින් සුප‍්‍රකටය. 

මෙම සම්මේලනයට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔවුන්ගේ මිත‍්‍ර රටවල් වන ජපානය සහ  ඕස්ටේ‍්‍රලියාව ඇතුළු රටවල් 28ක හමුදා නිලධාරීන් ඇතුළු 600කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිති.  

චීන මධ්‍යම හමුදා කොමිසමේ සැපයුම් සහාය දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී ජෙනරාල් සොන්ග් පුෂුවාන් සම්මේලනයට සහභාගී වූ ජෙනරාල්වරයාය. 

ජෙනරාල් සොන්ග් මෙම සම්මේලනයට සහභාගී වන බව කලින් ප‍්‍රකාශයට පත් කර නොතිබිණි. ඔහු සම්මේලනයේදී අදහස් දැක්වීමක් ද නොකළේය.

ජෙනරල් සොන්ග් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගේ සමීපතම නිලධාරියකු යැයි පැවසෙන අතර ඔහු මීට පෙර චීන හමුදාවේ උතුරු අණදෙන මධ්‍යස්ථානයේ ප‍්‍රධානියා වශයෙන් ද කටයුතු කළේය. ජනාධිපති ෂී ජින්පින්ග් ජනාධිපතිධුරයට පත්වීමත් සමඟ පසුගිය වසර හයක කාලයේදී ජෙනරාල් සොන්ග් උසස්වීම් කිහිපයක්ම ලැබීය. 

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ උග‍්‍ර වෙළෙඳ යුද්ධයක් තිබුණ ද ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ තිබෙන සහයෝගීතාව පෙන්වීමට චීනය වැඩි උනන්දුවක් දක්වයි. තායිවානය සහ දකුණු චීන මුහුද නිසාද ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර මතභේද පවතී.

‘‘මෙම හමුව දෙරටේ හමුදාවල සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නැංවීමටත් ස්ථාවරත්වය ඇති කිරීමටත් හේතු වේවි. ඒ වගේම ආසියා ශාන්තිකර කාලපයේ සාමය සහ ස්ථාවරත්වය සඳහා මෙමඟින් දෙරටේ දායකත්වය ලැබෙනු ඇත’’ ජෙනරල් සොන්ග් යටතේ සිටින නිලධාරියකු වන සැපයුම් සහාය දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අංශයේ ප‍්‍රධානී ෂෙන් ජින්ග්යුවාන් පැවැසීය.

055

 



අදහස් (0)

චීන සහ ඇමෙරිකා හමුදා සුව සේවා හුවමාරු සම්මේලනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site