ෆෙරාරි,බෙන්ට්ලි,ඇස්ටන් මාර්ටින්,රෝල්ස් රොයිස් ඇතුළු සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයකට 10%ක බදු නියම කිරීමට චීනය තීරණය  කර ඇතැයි වාර්තා වෙයි.

ඩොලර් 189 000ට(රුපියල් 28 243 215) වඩා වටිනාකමින් යුතු මොටර් රථ සඳහා මෙම බදු අයකරන බව බලධාරීහු කියති.නාස්තිකාර වියදම් අවම කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවද කියති.

මෙම බදු අයකිරීම ධනවත් පුද්ගලයින්ට දැනෙන වෙනසක් නොවනු ඇතැයි මෝටර් රථ විශ්ලේෂකයෝ පවසති.

චීන ජනාධිපති ෂී ජින්පින්ග් දූෂණයට එරෙහිව න්‍යාය පත්‍රයක් සකසා ඇති බවත් එහි කොටසක් ලෙස සුඛෝපභෝගී වියදම් අවම කිරීමට සැලසුම් කර ඇතැයි බලධාරීහු පවසති.

විමෝචනය අඩු කරමින් බලශක්තිය ඉතිරි කිරීම හා තාත්වික පරිභෝජනය දිරිගැන්වීමට මෙම තීරණය ගත් බව එරට මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.