IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘චීනයේ ව්‍යාප්තවාදය එරෙහි විය යුතුයි’

චීනයේ කලාපීය ව්‍යාප්තවාදය එරෙහිව සටන් වැදීම සඳහා එක්වන්නැයි ප්‍රජාතන්ත්‍රවාදී රටවලින් ඉල්ලා සිටින බව තායිවාන ජනාධිපතිනිය ආසියා-ශාන්තිකර ආරක්ෂක සමුළුව අමතමින් ප්‍රකාශ කළාය.

එසේ එක්ව නිර්මාණය කරගන්නා සන්ධානයකින් ‘නිදහසමානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය’’ ආරක්ෂා කරගැනීමට හැකි බව ද ඇය පැවැසුවාය. මෙවරි ‘ආසියා-ශාන්තිකර ආරක්ෂක සමුළුව’’ තායිවානයේ තායිපේ නුවරදී පැවැත්විණි.
 
සිය කතාවේදී චීනය සම්බන්ධයෙන් අදහස් දැක් වුවද ඒ කිසිදු අවස්ථාවේදී  චීනය යන වචනය භාවිත නොකිරීමට ඇය වගබලාගත්තා යග කෙසේ නමුත් ඇය අර්ථ දක්වන්නේ කුමක් ද යන්න තේරුම් ගැනීම අපහසු නොවූ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
තායිවානය චීනයේ දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ද චීනයල තායිවානය තමන්ට අයත් භූමියක් යැයි සලකන බව ඇය මෙහිදි සිහිපත් කළාය. එමෙන්ම එක් දිනක් තුළ තායිවානය අල්ලා ගන්නා බව ද චීනය අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කර ඇතැයි ඇය මතක් කළාය. මේ තත්ත්වය තුළ තායිවානය සෑම විටම ඒකාධිපතීත්වයේ ආක්‍රමණයෙන් තායිවානය මුදාගැනීමේ සටනේ නිරත වී සිටින බව ද ඇය කීවාය.
 
තායිවානය ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයක් යැයි ත්සායි අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර ඇත. කෙසේ නමුත් තායිවානය මෙතෙක් නිල වශයෙන් නිදහස ප්‍රකාශ කර නැත. තායිවානය එසේ කළහොත් එය යුද්ධයකට මුල පිරීමක් යැයි චීනය වසර ගණනාවක සිට අනතුරු අඟවයි.
 
ත්සායිල තායිවානයේ ජනාධිපති ධුරයට පත්වූයේ 2016 වසරේ දී ය. එතැන් පටන් චීනයෙන් තායිවානයට එල්ල වූ පීඩනය එන්න එන්නම වැඩි විය.
 
තායිවානය තමන්ට අයත් දූපතක් යැයි චීනය නිරන්තරයෙන් ප්‍රකාශ කරන නමුත් ත්සායි එය පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.
 
ත්සායි සිය කතාවේදී චීනයේ නම සඳහන් නොකළ නමුත් දකුණු චීන මුහුදේ සහ තායිවාන සමුද්‍ර සන්ධියේ සිදුවන හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදහස් දැක්වූවා ය.
 
චීනය රටවල් සහ එකමුතුවලට එරෙහිව බලාත්කාරී රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයක් භාවිත කරන්නේ යැයි ද චීනයේ නම සඳහන් කරමින් තායිවාන ජනාධිපතිනිය ප්‍රකාශ කළාය.
 
‘‘මේ ඒකපාර්ශවීය බලාත්කාරී ක්‍රියාකාරකම් නවත්වන්න උපායමාර්ගයක් පවත්වාගෙන යන්න වුවමනායි.එකවගේ හිතන සහ ප්‍රජාතන්ත්‍රවාදී මිතුරන්ට එකතු වෙන්න කාලය උදාවෙලා’’ යැයි ත්සායි කීවාය.
 
‘‘අපි ආරක්ෂක කරන්න වටිනාකම් මේ එකමුතුවෙන් ආරක්ෂා කෙරෙනවා. නිදහස, ආරක්ෂාව, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට මේ එකමුතුව අවශ්‍ය’’ යැයි ද ඇය පැවැසුවාය.
 
ඒ.එෆ්.පී.
 
055



අදහස් (1)

‘චීනයේ ව්‍යාප්තවාදය එරෙහි විය යුතුයි’

chandima Thursday, 10 September 2020 03:12 PM

ඒක හරි.. සුද්දන්ගේ ව්‍යාප්තවාදෙට එකඟවෙලා චීනයේ ව්‍යාප්තවාදෙට විරුද්ධ වෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 20 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 866 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site